තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය.
දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජාතිකවාදී ‘ඒ.කේ.’ දේශපාලන පක්ෂයයි. කෙසේ නමුත් 2019 නගරසභා මැතිවරණයෙන් පසු ඉස්තාන්බුල් නගරයේ බලයේ සිටින්නේ තුර්කි විපක්ෂ සන්ධානයයි.

ඉරිදා පැවැත්වෙන නගරසභා මැතිවරණයේදී විපක්ෂය පරාජය කරමින්, තම පක්ෂයේ අපේක්ෂකයා ජයග්‍රහණය කරනු ඇතැයි තුර්කි ජනාධිපති එර්දොවාන් අපේක්ෂා කරයි.

තුර්කියේ ආර්ථික අගනගරය ලෙස සැලකෙන්නේ ද ඉස්තාන්බුල්ය. මිලියන ගණනක් ඉස්තාන්බුල් වැසියෝ ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානමින් සිටිති. බලය රඳවා ගැනීට නොහැකි වුවත්, නාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ උපන් නගරය ලෙස සැලකෙන්නේ ද ඉස්තාන්බුල්ය.

ඉරිදා දිනයේ පැවැත්වෙන නගරසභා මැතිවරණයට විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වන්නේ, එකරම් ඉමගුල්ය. ජනාධිපති එර්දොවාන්ගේ ‘ඒ.කේ.’ පක්ෂය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වන්නේ මුරාත් කුරුම්ය.

තුර්කියේ ප්‍රධාන නගර දෙක ලෙස සැලකෙන්නේ ඉස්තාන්බුල් සහ අන්කාරාය. අන්කාරා යනු තුර්කියේ අගනුවරය. 2019 වනතුරු වසර 25 ක් තිස්සේ ඉස්තාන්බුල් නගරය ‘ඒ.කේ.’ පක්ෂය සතුව පැවැතිණි. අන්කාර අගනුවර දිගටම බලයේ රැඳී සිටීමට ‘ඒ.කේ.’ පක්ෂය සමත් වී සිටී.

(ඒ.එෆ්.පී.)