
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය.
දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජාතිකවාදී ‘ඒ.කේ.’ දේශපාලන පක්ෂයයි. කෙසේ නමුත් 2019 නගරසභා මැතිවරණයෙන් පසු ඉස්තාන්බුල් නගරයේ බලයේ සිටින්නේ තුර්කි විපක්ෂ සන්ධානයයි.
ඉරිදා පැවැත්වෙන නගරසභා මැතිවරණයේදී විපක්ෂය පරාජය කරමින්, තම පක්ෂයේ අපේක්ෂකයා ජයග්‍රහණය කරනු ඇතැයි තුර්කි ජනාධිපති එර්දොවාන් අපේක්ෂා කරයි.
තුර්කියේ ආර්ථික අගනගරය ලෙස සැලකෙන්නේ ද ඉස්තාන්බුල්ය. මිලියන ගණනක් ඉස්තාන්බුල් වැසියෝ ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානමින් සිටිති. බලය රඳවා ගැනීට නොහැකි වුවත්, නාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ උපන් නගරය ලෙස සැලකෙන්නේ ද ඉස්තාන්බුල්ය.
ඉරිදා දිනයේ පැවැත්වෙන නගරසභා මැතිවරණයට විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වන්නේ, එකරම් ඉමගුල්ය. ජනාධිපති එර්දොවාන්ගේ ‘ඒ.කේ.’ පක්ෂය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වන්නේ මුරාත් කුරුම්ය.
තුර්කියේ ප්‍රධාන නගර දෙක ලෙස සැලකෙන්නේ ඉස්තාන්බුල් සහ අන්කාරාය. අන්කාරා යනු තුර්කියේ අගනුවරය. 2019 වනතුරු වසර 25 ක් තිස්සේ ඉස්තාන්බුල් නගරය ‘ඒ.කේ.’ පක්ෂය සතුව පැවැතිණි. අන්කාර අගනුවර දිගටම බලයේ රැඳී සිටීමට ‘ඒ.කේ.’ පක්ෂය සමත් වී සිටී.
(ඒ.එෆ්.පී.)
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1739										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1739										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1436										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1436										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 516										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 516										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය 31 වැනිදා