
ඉරානයට ලබා දුන් කාලය අවසන් බවත්, රාත්‍රී 8 ට පෙර තමන් සමග ගිවිසුමක් ඇති කර නොගතහොත්, ඉරානයේ සියලු විදුලි බලාගාර සහ පාලම් විනාශ කිරීමට තමන් නියෝග නිකුත් කරන බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඉරානය විසින් දින 7 ක කාලයක් කල් ඉල්ලු නමුත් තමන් ඔවුන්ට පළමුව දින 10 ක් කල් ලබා දුන් බවත්, ගිවිසුමක් සඳහා එළඹීමට අද වන විට තවත් අමතර දින දෙකක් ඉරානයට කාලය ලබාදී ඇති බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර, ඇමරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ ඉදිරිපත් වූ සටන් විරාම යෝජනාව ඉරානය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර ඇති බව ද පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd