IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඉරානයට පහර දෙන්න සුදුසු අවස්ථාව එනකල් ඉන්නවා

ඉරානයට පහරදීමට සුදුසු අවස්ථාවක් ලැබෙන තුරු බලා සිටින බව ඊශ්‍රායලය ඊයේ (15) පැවැසීය.

ඊශ්‍රායලය මෙසේ පැවැසුවේ පසුගිය 13 වැනිදා එල්ල වුණු එම මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල යුද මණ්ඩලය රැස්වී සාකච්ඡා පැවැත්වීමෙන් ද පසුවය.

ඊශ්‍රායලයේ ප්‍රධාන හමුදා ප්‍රකාශක ඩැනියෙල් හගාරි මාධ්‍ය හමුවේ පැවැසුවේ, ඉරානය ඔවුන්ගේ ප්‍රහාරයට දිගු දුර බැලස්ටික් මිසයිල 120 කට වැඩි ප්‍රමාණයක්, ඩ්‍රෝන යානා 170 ක් වැඩි ප්‍රමාණයක් සහ කෲස් මිසයිල 30 කට වැඩි ප්‍රමාණයක් යොදා ගත් බවය.

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේ, ඉරානය සමඟ ඕනෑම මොහොතක ගැටුමකට යෑමට තමන් සූදානම් බවය.

“ඉරානය වසර ගණනක් තිස්සේ අපට පහර දෙන්න බලාගෙන හිටියා. දැන් ඔවුන් එය කළා. ඇමෙරිකාව,  බ්‍රිතාන්‍යය අප සමඟ සිටීම අපට ලොකු ශක්තියක්.‍ ඊශ්‍රායලය යනු ශක්තිමත් රටක්. නොසැලෙන රටක්. අපට ඉන්නවා ශක්තිමත් හමුදාවක්. ශක්තිමත් රට වැසියන් පිරිසක්. අපට හානි කරන අයකුට අප සමාව දෙන්නේ නැහැ. අප පෙරළා පහර දෙනවා. අපට පහර දුන්නොත්, පෙරළා පහර දී ආරක්ෂා වෙන්න අපට අයිතියක් තියෙනවා” යැයි ඊශ්‍රායල අගමැතිවරයා වැඩි දුරටත් පවසා ඇත.

ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය රැස්විය. ඊට අමතරව, ‘ජී7’ කණ්ඩායමට අයත් රටවල රාජ්‍ය නායකයෝ වීඩියෝ තාක්ෂණය ඔස්සේ ද හමුවක් පැවැත්වූහ.

‘ජී7’ කණ්ඩායමට අයත් රටවල් වන්නේ ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය, ජපානය, ජර්මනිය, ප්‍රංශය, කනඩාව සහ ඉතාලියයි. ඊශ්‍රායල හිතවාදී බටහිර රටවල් බොහොමයක්, ඉරානය එල්ල කළ එම ප්‍රහාරය හෙලා දැක ඇත.



අදහස් (5)

ඉරානයට පහර දෙන්න සුදුසු අවස්ථාව එනකල් ඉන්නවා

ජගත් ලියනගේ Monday, 15 April 2024 12:24 PM

ලෝක යුද්ධයකට පෙරනිමිති?

:       5       25

මංගල Monday, 15 April 2024 06:15 PM

අනුන්ගේ රටවල්වලට ගිහින් ගහල එන්න හොඳයි, ඒකට උත්තර රිදෙන්න දෙනකොට නාහෙන් අඬනවා. ගැහුවා නම් ගහපල්ලකෝ. ඉස්සරවෙලා ගැහුවා නම් අනිත් එකා ගහන කොට අඬන්න එපා. දුවගෙන යන්නෙත් ආරක්ෂක මණ්ඩලේට.

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 15 April 2024 06:40 PM

ජී7’ කණ්ඩායමට අයත් රටවල් වන්නේ ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය, ජපානය, ජර්මනිය, ප්‍රංශය, කැනඩාව සහ ඉතාලියයි. ඊශ්‍රායල හිතවාදී බටහිර රටවල් බොහෝමයක්, ඉරානය එල්ල කළ එම ප්‍රහාරය හෙලා දැක ඇත. මෙයාලාගේ කයිවාරු විතරයි... මේ අයගේ ටොෆිය කාපු යුක්රේනයට අද මොකද වුනේ? රුසියාව චීනය ඉන්නේ ඉරානයේ සහයෝගයට නම් කවුරුවත් යන්නේ නෑ හොට දාන්න...

:       1       0

Bamunuarachchi Tuesday, 16 April 2024 03:44 AM

ඕවා ඕවා කල්යල් බලලා වැඩේ දෙන්න...!

:       0       0

Bamunuarachchi Tuesday, 16 April 2024 08:19 PM

බොහොම කල්පනාවෙන් නයාගේ ඔලුවටම කොටන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site