ඔත්තු බැලීම සඳහා තම ගුවන් සීමාවට ඇතුළු වූ නියමුවන් රහිත ඇමෙරිකා ඩ්‍රෝන යානයක් අල්ලා ගැනීමට තම හමුදාව සමත් වූ බව ඉරානය ඊයේ (4) නිවේදනය කළේය. ඉරාන විප්ලවීය හමුදාව පවසන්නේ ඩ්‍රෝන යානය ඉරානයට ඔබ්බෙන් පර්සියන් ගල්ෆ් මුහුදු සීමාවේ සිට ඉරාන ගුවන් සීමාවට ඇතුළු වූ බවය. ඩ්‍රෝන යානය මීට පෙර අවස්ථා කිහිපයකදී ද අහසේ පියාසර කරනු දකින්න ලැබුණු බවත්, ඒ ගැන විමසිල්ලෙන් සිට යානයේ පාලනය තමන් අතට ගෙන එය අල්ලා ගැනීමට හැකි වූ බවත් ඉරාන විප්ලවීය හමුදාව වැඩි දුරටත් කියා සිටී. එම යානය බෝයිං සමාගමේ ‘ස්කෑන් ඊගල්’ නමැති කෙටි දුර නිරීක්ෂණ යානායක් බව ද ඉරානය පවසයි. ප‍්‍රමාණයෙන් කුඩා ‘ස්කෑන් ඊගල්’ නමැති එම ඩ්‍රෝන යානයට දුරස්ථ පාලනය යටතේ කිලෝ මීටර් 100 ක දුරක් යා හැකිය. ඉරාන රජය පවසන්නේ යානය ගල්ෆ් මුහුදේ රඳවා ඇති ඇමෙරිකානු යුද නැවක සිටි පැමිණෙන්න ඇතැයි කියාය. මීට වසරකට පෙර ඇමෙරිකාව සතු ‘ආර්කියු170’ සෙන්ටිනල් වර්ගයේ ඔත්තු නිරීක්ෂණ ඩ්‍රෝන යානයක් ද තම පාලනයට ගැනීමට ඉරානය සමත් විය. එම යානය ආපසු දෙන්නැයි ඇමෙරිකාව ඉරානයෙන් ඉල්ලීමක් කළ ද ඉරාන රජය ඊට අකමැති විය. ඉරානයේ බෂීර් න්‍යෂ්ටික බලාගාරය ගැන තමන් විමසිලිමත් වන බවත් ඒ ගැන ඔත්තු බලන බවත් ඇමෙරිකානු සී.අයි.ඒ. බුද්ධි අංශය ද පසුගිය 2 වැනිදා ප‍්‍රසිද්ධ කර තිබුණි. සී.අයි.ඒ. බුද්ධි අංශය තම න්‍යෂ්ටික බලාගාරයේ කටයුතු ගැන ඔත්තු බලන බවට මීට පෙර ඉරානය අවස්ථා ගණනාවකදී චෝදනා කළ ද සී.අයි.ඒ. බුද්ධි අංශය පැවැසුවේ ඒවා අසත්‍ය බවය. බෂීර් න්‍යෂ්ටික බලාගාරය උපයෝගී කරගෙන ඉරානය පරමාණු අවි නිෂ්පාදනය කරනවා ද නැද්ද යන්න ගැනත් තමන් රහසේ ඒ ගැන සොයා බලන බවත් සී.අයි.ඒ. බුද්ධි අංශය වැඩිදුරටත් කියා තිබුණි. මේ සඳහා ගල්ෆ් කලාපයේ රඳවා සිටින හමුදා යොදවන බවත් නියමුවන් රහිත ඔත්තු බැලීමේ ඩ්‍රෝන යානා යොදා ගන්නා බවත් සී.අයි.ඒ. බුද්ධි අංශය පවසා තිබේ.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මේ පාළු ගේකට පැනලා වළං බිඳලා (ස)
එහෙනම් එකට හරි (දී)
ඇමරිකාව ඉල්ලගෙන කන්නයි හදන්නේ ඉරානෙන්. (ත)