IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඉරාන විදේශ ඇමැති හිස්බුල්ලා නායකයා හමුවෙයි

ඉරාන විදේශ අමාත්‍ය හොසෙයින් අමිරාබ්දුල්ලහීන් ඇතුළු ඉරාන රජයේ නියෝජිත කණ්ඩායමක් සහ ලෙබනනයේ හිස්බුල්ලා නායක හසාන් නසරල්ලා අතරේ හමුවක් ලෙබනනයේ බේරූට් අගනුවරදී පැවැත්විණි.

හමුව පැවැත්වූයේ ගාසා තීරයේ හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතරේ පවතින ගැටුම් සම්බන්ධයෙනි.

මේ වනවිට කටාර් රාජ්‍යය මැදිහත් වීමෙන් ඊශ්‍රායලයත් හමාස් සංවිධානයත් අතරේ එකඟත්වයක් ඇති කරගෙන තිබේ. ඒ, සටන් විරාමයකට යෑමට සහ හමාස් අත්අඩංගුවේ සිටිව ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහාය.

හමාස් සංවිධානය ගාසා තීරයේ බලයේ සින්නේ 2007 වසරේ සිටය. හමාස් සංවිධානය දේශපාලන අංශයකින් මෙන්ම සන්නද්ධ අංශයකින් ද සමන්විත වෙයි.

ඊශ්‍රායල හමුදාව සමඟ සටන් වදින්නේ, හමාස් සන්නද්ධ අංශයයි. ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයත්, ෂියා මුස්ලිම් ඉරානයත් හමාස් සංවිධානයට සහාය දෙයි. මූල්‍ය අනුග්‍රහය සහ අවි ආයුධ ලබා දීම ද සිදු කරයි.



අදහස් (0)

ඉරාන විදේශ ඇමැති හිස්බුල්ලා නායකයා හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 94 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1565 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site