
ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට ඉඩ ඇතැයි එක්සත් ජාතීන්ගේ පරමාණු බලශක්ති නිරීක්ෂකයෝ බිය ඵළ කරති.
එක්සත් ජාතීන්ගේ පරමාණු බලශක්ති නිරීක්ෂකයන් මෙසේ බිය පළ කළේ ‘සුදුසු වෙලාව බලා’ ඉරානයට ප්‍රහාරයක් එල්ල කරමින්, ඉරානය එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන බවට ඊශ්‍රායලය කළ අනතුරු ඇඟවීම සැලකිල්ලට ගනිමිනි.
ප්‍රමාණයෙන් කුඩා රාජ්‍යයක් වුවත්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල සහාය ලබන ඊශ්‍රායලය, අති නවීන අවි ආයුධ සහ යුදෝපකරණවලින් සමන්විතය. නෂ්ටික යුද ශීර්ෂ 400 ක් පමණ ඊශ්‍රායල හමුදාව සතුය.
මෙම යුද ශීර්ෂ සවි කළ මිසයිලවලින් ඊශ්‍රායලය ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් පහර දුන්නොත්, එම ප්‍රහාර වළක්වා ගැනීමට ඉරානයට හැකියාවක් නොලැබෙනු ඇති බවත්, නෂ්ටික පිපිරීම් සිදුවී මහා විනාශයක් සිදුවනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ පරමාණු බලශක්ති නිරීක්ෂකයන් වැඩි දුරටත් බිය පළ කර ඇත.
පරමාණු බලශක්ති බලාගාරවලට පහර දීමෙන්, ඉරානය ක්ෂණිකව අඩපණ කිරීමට ඊශ්‍රායලයට හැකියාව ලැබෙනු ඇතැයි ද පරමාණු බලශක්ති නිරීක්ෂකයයෝ පැහැදිලි කරති.
ඉරානය, ඊශ්‍රායලයට මිසයිල සහ ඩ්‍රෝන යොදා ගනිමින් පහර දුන්නේ පසුගිය 13 වැනිදාය. ඒ, ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලය විනාශ වී, ඉරාන විප්ලවීය හමුදාවේ ප්‍රධානීන් දෙදෙනකු ද ඇතුළු පිරිසක් මියයෑමේ සිද්ධියට පලිගැනීමක් ලෙසය.
ඉරානයෙන් ඊශ්‍රායලයට එල්ල වුණු මිසයිල සහ ඩ්‍රෝන යානා උඩු ගුවනේ දී පහර දී විනාශ කිරීමට ඊශ්‍රායල හමුදාව සමත්විය. ඇමෙරිකාවෙන්, මහා බි්‍රතාන්‍යයෙන් පමණක් නොව, ජෝර්දානයෙන් ද ඊට සහාය හිමිවිය. ඒ අනුව, ඉරාන ප්‍රහාරයෙන් ඊශ්‍රායලයට බරපතල හානියක් සිදුවූයේ නැත.
ඉරාන ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල යුද කැබිනට් මණ්ඩලය රැස්වී ඉරානයට එරෙහිව ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය. සුදුසු වෙලාව බලා ඉරානයට ප්‍රතිචාර දැක්වීමට ඊශ්‍රායලය කටයුතු කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු පැවැසුවේ මෙම අවස්ථාවේදීය.
ඊශ්‍රායලයට කොන්දේසි විරහිතව සහාය දක්වන ඇමෙරිකාව, මහා බි්‍රතාන්‍යය ඇතුළු බටහිර රටවල් පවසා ඊශ්‍රායලයෙන් ඉල්ලා ඇත්තේ, ඉරානය සමඟ ගැටුමක් ඇති කර ගැනීමෙන් වැලැකී සිටින ලෙසය. කෙසේ නමුත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු පවසා ඇත්තේ සතුරු ප්‍රහාරයක් එල්ල වන සෑම අවස්ථාවකම, ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ප්‍රතිචාර දැක්වීමට ඊශ්‍රායලයට අයිතියක් ඇති බවය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට පහර දීමේ සූදානමක්
රට වැසියා Tuesday, 16 April 2024 11:47 AM
ආගමික අන්තවාදීන් අතට න්‍යෂ්ටික අවි ආයුධ ලැබීම අතිශයින් භයානකය, ඉරානයට ඉරාකයට වු දෙයට වඩා භයානක දෙයක් විය හැක. ත්‍රස්ථාදය සමඟ පරම්පරාවක් ජීවත් වු අප ලොව ඕනැම තැනක ත්‍රස්ථාදය හෙලා දකිමු!
Bunny Preena Wednesday, 17 April 2024 08:57 AM
යුද්ධය විසින් පරාජය කරනු ලබන්නේ "මනුෂ්‍යත්වය " පමණකි
ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 17 April 2024 05:00 PM
එක්සත් ජාතීන්, මානව හිමිකම් හා අනෙකුත් සංවිධාන වලින් සිදුවන්නේ ඇමෙරිකාව ප්‍රමුඛ ගෝලබාලයින් ගේ වුවමනා විතරයි. එක එක රටවල් වලට එක එක අයුරින් සැලකිලි. ඊශ්‍රායලය කියන්නේ ඔවුන්ට ගැති ලෝකයේ සමහර මාධ්‍ය විසින් පුම්බන ලද විකටයින් පමණයි. ඇමෙරිකාව බටහිර රටවල් එකතුවෙලා තම පලස්ථීනය ආක්‍රමණය කරන්නේ. මොවුන් ඔක්කෝම ඊශ්‍රායලයේ හා ඇමෙරිකාවේ සියළුම අපරාධ වෙනුවෙන් තිරය පිටුපස ඉඳන් ක්‍රියාත්මක වන කල්ලි. ලංකාවේ වසර 30ක යුද්ධය අවසන් කිරීමට මේ කිසිවෙකු ඉදිරිපත් වුනේ නෑ. හැබැයි කොටි සංවිධානයට සම්පූර්ණ සහයෝගය දැක්වූවා. යුද්ධයෙන් පසුවත් ලංකාවේ රජයට විරුද්ධව කෙනෙහිලිකම් කළා. හැබැයි ඒ සෑම අවස්ථාවකම ඉරානය ඇතුළු මුස්ලිම් රටවල් ඉදිරිපත්වුණා. ලංකාව වෙනුවෙන් පක්ෂපාතිව ඡන්දය ප්‍රකාශ කිරීමට... දැනුත් ඔවුන් පලකරන අදහස් දිහා බැලුවොත් පැහැදිලි ඊශ්‍රායලයට වඩා ලොකු උවමනාවක් තිබෙනවා එක්සත් ජාතීන්ගේ පරමාණු බලශක්ති නිරීක්ෂකයන්ට ඊශ්‍රායලය පහර දිය යුත්තේ කොහාටද යන වග. කුමක් කෙසේ වුවත් ඉරානය කියන්නේ කවුරුන්ද යනවග ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දන්නවා. ඉතින් රුසියානු හිතවාදී ඉරානයට ලොකු වුවමනාවක් තිබෙනවා ඊශ්‍රායලයට පහර දෙන්න.
හරිනමගේ ලෝස් ඇන්ජලීස් අනුර කුමාර දිසානායක හොරා Wednesday, 17 April 2024 08:29 PM
ඉරානයටයි ඊන්දියාවටයි රුසියාවටයි බලු ව්හීනයටයි දෙමලු තම්බින්ට කෙලවිලායන්න ගහපිය ඉක්මනට තුන්වෙනි ලෝකයුද්දය ලන්කාවෙන් පටන් ගන්නේ ඉරාන බලු ස්බුල්ලා බල්ලාව රනිලා ලන්කාවට ගෙනා ගමන් ඊස්‍රාලයෙන් එක යුදප්ලේන් එකයි ලන්කාවේ පාර්ලිමේන්තුවේ 226ම සුන්නද්දූවිලි වෙලායනවාමයි ඊටපස්සේ පොලිස් ත්‍රිවිද බලහමුදා දුප්පත් දෙමා පියන්ගේ දරුවන් නැතුව ලොකු ජුන්ටා රෙජීම් එකත් ඉවරයි මේ සින්හරෙජිමේට් යුරෝපා කන්ට්‍රීස් නෙටෝ සන්විදානයේ අන දීමක්