
පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ බිරිඳ බුෂ්රා බීබී, ඉම්රාන් ඛාන්ට තෑගි ලෙස ලැබුණු සුඛෝපභෝගී අත් ඔරලෝසු කිහිපයක් විකිණීමට උත්සාහ කළ බව එරට මාධ්‍ය අනාවරණය කර තිබේ.
ඉම්රාන් ඛාන්, නියෝජනය කරන්නේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයයි. බුෂ්රා බීබී, අත් ඔරලෝසු විකිණීම සම්බන්ධයෙන් ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන සුල්ෆි බුකාරි සමඟ දුරකතනයෙන් කතාබහ කර තිබේ.
එම කතාබහ ඇතුළත් හඬ පටය සමාජ මාධ්‍ය ඔස්සේත් පාකිස්තාන පුවත් සේවා ඔස්සේත් ප්‍රසිද්ධියට පත් විය. ඉම්රාන්ට, සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගෙන් හිමිවුණු වටිනා ඔරලෝසු කීපයක් ද ඒ අතර තිබේ. ඔරලෝසු තැන්පත් කර ඇත්තේ ටොක්ශානා යන නමින් හැඳින්වෙන පාකිස්තාන රාජ්‍ය භාණ්ඩාගාරයේය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජමීමා වගේ උපතින්ම වත්පොහොසත් කෙනෙක්ව දික්කසාද කරලා, එදා වේල ටුවර්ස් කෙනෙක්ව බැඳ ගත්තාම මේ වගේ දේවල් වෙන එක වළක්වන්න බැහැ. මේ යන හැටියට ඉම්රාන්ගේ යට ඇඳුමවත් ඉතුරු වුනොත් ඇති...