
ඉන්දියාව, ජපානය ඇතුළු ඇමෙරිකන් හිතවාදී රටවල් රැසක ඔත්තු බැලීමේ බැලූන යැවීමට චීනය සූදානමින් සිටි බව ඇමෙරිකානු නියෝජ්‍ය ආරක්ෂක ලේකම් වෙන්ඩි ෂර්මන් මාධ්‍ය හමුවේ පවසා තිබේ.
ඔත්තු බලන චීන බැලූන සම්බන්ධයෙන් විස්තර රැසක් මේ වනවිට අනාවරණය කර ගැනීමට ඇමෙරිකන් බුද්ධි අංශ සමත් වී ඇතැයි ද ඇමෙරිකානු නියෝජ්‍ය ආරක්ෂක ලේකම්වරිය පැහැදිලි කර තිබේ.
ඉන්දියාව සහ ජපානයට අමතරව, පිලිපීනය, තායිවානය, සහ වියට්නාමය යන රටවලට ඔත්තු බැලීමේ බැලූන් යැවීමට චීනය සූදානමින් සිටි බවට ද තොරතුරු අනාවරණය වී ඇත.
චීනයේ ඔත්තු බලන බැලූන ගැන ලෝකයට අනාවරණය වූයේ, එක් බැලූනයක් ඇමෙරිකාවට ඉහළින් පාවෙමින් තිබියදීය. බැලූනය ගැන විමසිල්ලෙන් පසුවනු ඇමෙරිකන් ආරක්ෂක අංශ මිසයිල ප්‍රහාරයකින් බැලූනය විනාශ කළේ පසුගිය සති අන්තයේය.
එම අවස්ථාවේදී බැලූනය අත්ලාන්තික් සාගරයට ඉහළින් පාවෙමින් තිබුණි. ඇමෙරිකන් නාවික හමුදාව බැලූනයේ සුන්බුන් සොයාගෙන ඇති අතර, ඒවා යළි චීනයට ලබා නොදීමට ද තීරණය කර තිබේ.
ඇමෙරිකාවට ඉහළින් පාවෙමින් තිබී පසුව විනාශ කළ බැලූනය සම්බන්ධයෙන් චීනය පවසා ඇත්තේ එය කාලගුණ දත්ත රැස් කරන බැලූනයක් බවත් හමුදාවට අයත් බැලූනයක් නොවන බවත්ය. එය ඇමෙරිකාව දෙසට පාවී ගොස් තිබුණේ චීන විද්‍යාඥයන්ගේ පාලනයෙන් ගිලිහී යෑමෙන් යැයි ද චීනය වැඩි දුරටත් පැහැදිලි කර තිබුණි.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
313
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2131
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවටත් ජපානයටත් බැලූන් යවන්න සැලැසුම් කරලා