
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය, කඳුකර ප්‍රදේශයේ ගම්මානයක් නායයෑමට ලක්වුණු බවත් ගම්වැසියන් 100 ක් පමණ පස් සහ මඩ තට්ටු අතරේ සිරවී සිටින බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
සිරවුණු පිරිස් බේරා ගැනීම සඳහා දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් ආරම්භ වුවත්, ඇද හැලෙන මහ වැසි එම කටයුතුවලට බාධාවක් වී ඇතැයි ද පැවැසිණි.
නායයෑමට ලක්වූයේ ඉර්ෂල්වාදි කඳුකරය පාමුල පිහිටි කුඩා ගම්මානය යැයි පැවැසෙයි. ගම්මානය නායයෑමට ලක්වූයේ රාත්‍රී කාලයේය. ඒ වනවිට ගම්වැසියෝ නින්දේ පසුවූහ.
පස් සහ මඩ තට්ටු යට සිරවී 80 දෙනකු බේරා ගත් බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. නානයයෑමට ලක්වුණු මෙම ගම්මානයේ 225 දෙනකු ජීවත් වන බව ද පැවැසෙයි.
මහාරාෂ්ට්‍රයේ නියෝජ්‍ය මහ ඇමැති දේවේන්ද්‍ර ෆඩ්නාවිස් මාධ්‍ය හමුවේ කියා සිටියේ දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් දිගටම සිදුවන බවය. පස් සහ මඩ තට්ටු අතරේ සිරවුණු කාන්තාවන් සහ කුඩා දරුවන් බොහෝ දෙනකු ඇතැයි ද නියෝජ්‍ය මහ ඇමැතිවරයා මාධ්‍ය හමුවේ වැඩි දුරටත් කියා සිටියේය.
2025 නොවැම්බර් මස 04
213
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2079
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවේ නායයෑමක්: 100 ක් පණපිටින් වැළලෙති