ප්‍රථම වතාවට ඉන්දියන් සාගරයේ පත්ල සිදුරුකර පෘථිවි කබොල්ලට පහළින් ඇති ස්ථර පරීක්ෂා කිරීමට විද්‍යාඥයින් සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ සතියේ ආරම්භ කරණ මෙම ගවේෂණයේදී පෘථිවි කබොල්ලට පහළින් ඇති ප්‍රාවරණය නම් කොටසේ පාෂාණ නියැදි පරීක්ෂා කිරීමට එංගලන්තයේ භූවිද්‍යාව පිළිබඳ කාඩිෆ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති. ජොයිඩස් රෙසලූෂන් නම් නැව මේ සඳහා යොදා ගනී.
කණ්ඩායම් නායක ආචාර්ය ක්‍රිස් මැක්ලියොඩ් මහතා පවසන්නේ පෘථිවි කබොල්ල කිලෝමීටර5.5ක් යටට සිදුරු කිරීමට වසර කිහිපයක් ගතවනු ඇති බවයි. මීට පෙර කිහිප වතාවක් පෘතිවි කබොල්ල සිදුරු කිරීමට ගත් උත්සාහයන් අසාර්තකවූ බවද ඒ මහතා පවසයි. මෙවර ඉන්දියන් සාගරයේ ඇට්ලාන්ටිස් බැන්ක් නම් ප්‍රදේශයේ කබොල්ල වඩා තුනී ස්ථානයක් තෝරාගත් බැවින් කාර්යය වඩාත් ඵලදායී වනු ඇති බව ඔහුගේ හැඟීමයි. ජාත්‍යන්තර සාගර ගවේෂණ වැඩසටහනේ අනුග්‍රහය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට යන සල්ලි වලින් ලංකාවට අවුරුදු 50 ක් නොමිලේ කන්න දෙන්න තිබුනා. සෝමසිරි හරියට හරි. (නි)
මේ බොරු දේවල් වලට සල්ලි නාස්ති නොකර අපේ රට වගේ දුප්පත් රටක බඩු මිල අඩු කරන්න ආධාරයක් කළා නම් කොච්චර පිනක්ද? (නි)
අපේ අයට කන බනේම විතරයි අනේ මන්ද. (ස)
මේ දේ නොකරන්නැයි බොහෝ පාරිසරික සංවිධාන ඉල්ලා සිටියා. ඊට කන්නොදී හිතුවක්කාර ලෙස ස්වභාව ධර්මයට මේ මහා පොළවට හානිකිරීම භයානකයි. ඇතැම්විට ඔවැනි සිදුරු කිරීම් නිසා මහපොළවේ ස්ථායිතාවය බිඳවැටිය හැකියි. (නි)
ස්වභා ධර්මයේ ඇති වනාන්තර විනාශ කිරීම නිසා එහි ජීවත්වන සතුන් මිනිසාගෙන් පළිගනී. එසේනම් ස්වභාව ධර්මයට අයිති මේ මහා පොළවට හානිකිරීම තුළින් දවසක මහා පොළවද මිනිසාගෙන් පළිගනු ඇත. එදාට අපි දෙවියන් යැද පලක් තිබේද .... (නි)
ඇයි මේ ලෝකේ ඉන්න විද්වතුන් හැමදේටම මේ ඉන්දියන් සාගරේම තෝරාගන්නේ? ඇයි ඒ බලවත් රටවලට බැරි මේ සඳහා උතුරු ඇමරිකාවත් දකුණු ඇමරිකාවත් අතර පැනමා හෝ යුරෝපාවත් අප්‍රිකාවත් අතර දේශ සීමාවන් තෝරාගන්න? මුළු ආසියාවම මීට විරුද්ධව පෙළගැසිය යුතුයි. අප රටවලට සිදුවන පාරිසරික ස්වාභාවික විපත් වලට මුහුණදීමට සිදුවන ඉඩ ප්‍රස්ථාවන් තවත් මේ තුළින් වැඩිවෙනවා. (නි)
මෙතැන දාල තියෙන අදහස් දකිද්දී ලංකාවේ විද්‍යා අධ්‍යාපනය ගැන දුක හිතෙනවා.. සාගර ගවේෂණ වලට පොලව විදින බව දන්නැතිව ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන කියවනව (ස)
හෑරුවාට කමක් නැහැ. දෝන ගහගෙන පහලට එන්න නම් එපා. (ස)
හිනා යනවා මේකේ තියෙන අදහස් දිහා බලපුවහම. මෙයාල හිතාගෙන ඉන්නේ මෙවැනි විද්‍යාත්මක පර්යේෂණ කරන්නේ නිකන් ඉන්න බැරුවට කියලා. මේවා කරන්නේ මානවයාගේ පැවැත්මට සහ සුබසිධ්ධියට මේ පරීක්ෂණ කරන එකෙන් බොහෝ දේවල් ගැන නිගමනයකට එන්න පුළුවන්. අපි අනිත් සත්වයන්ගෙන් වෙනස් වෙන්නේ දැනුම සහ දැනගැනීමට ඇති ආශාව හා එය තුලින් අවධාරණය වීම. (ර)
අනේ මන්ද මුන් මොකටද දන්නේ නෑ ඉන්දීය සාගරයම තෝර ගත්තේ ? අපිට අනතුරක් කරන්නද ? (බ)
වෙනත් ලෝකවල් සොයාකරන පර්යේෂණ සදහා මුදල් වියදම් කරනවට වඩා අප ජීවත් වෙන ලෝකය පිළිබදව සොයා බැලීම ඉතා වැදගත්. (බ)
සම්පත් තිබේ නම් මෙවැනින ගවේෂණ කිරීම මානව සංහතියට සුභදායකය. සයිබීරියාවේද මීට සමගාමීව කිසි දිනක දිය නොවූ අයිස් තට්ටුවක් සහිත භූමියක කිලෝමීටර් සිය ගණනක් යටට හාරනවා. මේ මගින් පෘථීවිය සහ ජීවයේ ඇතිවීම පිළිබඳව වැදගත් සාක්ෂි ලැබේ යයි විශ්වාස කරනවා. (ම)