
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ, බෝපාල් අගනුවර, සත්පුර බවාන් ගොඩනැගිල්ලේ ගින්නක් හටගත්තේය. අගනුවර රජයේ කාර්යාල බොහොමයක් පිහිටා ඇත්තේ මහල් රැසකින් සමන්විත මෙම ගොඩනැගිල්ලේය.
ගින්න හටගත් අවස්ථාවේ ගොඩනැගිල්ලේ සිටි සියලු දෙනා ආරෙක්ෂිතව එයින් ඉවත් කෙරුණි. ගින්නෙන් ගොඩනැගිල්ලට දැඩි හානි සිදුවිය. ගින්න හටගත්තේ සවස 4 ට පමණය. ඒ ගොඩනැගිල්ලේ තෙවැනි මහලෙනි. එය සැණින් ඉහළින් වූ මහල් තුනකට පැතිර ගියේ යැයි පැවැසෙයි.
ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන්ට පැය පහකට වැඩි කාලයක් ගත විය. ඉන්දීය ගුවන් හමුදාවේ ද සහාය ගිනි නිවන භටයන්ට හිමිවිය. ඒ, ප්‍රාන්ත මහ ඇමැති ශිවරාජ් සිං කෞහාන්, ආරක්ෂක ඇමැති රාජ්නාත් සිංගෙන් කළ ඉල්ලීමකට අනුවය. ඒ අනුව, ඉන්දීය ගුවන් හමුදාවේ ඒඑන් 22 ගුවන් යානයක් සහ එම්අයි. හෙලිකොප්ටර් යානා බෝපාල් අගනුවරට යැවීම සිදුවිය.
සත්පුර බවාන් ගොඩනැගිල්ලේ මහා ගින්නක් පැතිරෙන බව ප්‍රාන්ත මහ ඇමැතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ද දැනුම් දුන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
2025 නොවැම්බර් මස 04
220
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දීය රජයේ ගොඩනැගිල්ලක ගින්නක්