
ඉන්දීය නාවික හමුදා භට පිරිසක් රැගෙන යාත්‍රා කරමින් තිබුණු කුඩා අධිවේගී බෝට්ටුවක්, මුම්බායි වෙරළට ඔබ්බෙන් අරාබි මුහුදේ දී මගී ප්‍රවාහන නෞකාවක ගැටී අනතුරක් සිදුවිය.
එම අනතුරින්, නාවික හමුදා සාමාජිකයන් ද ඇතුළු 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අනතුර සිදුවූයේ, නාවික හමුදාවට අයත් එම අධිවේගී බෝට්ටුව පාලනය කර ගැනීමට නොහැකි වූ බැවිනි.
අනතුර සිදුවන ආකාරය මගී ප්‍රවාහන නෞකාවේ සිටි අයකුගේ ජංගම දුරකතනයේ සටහන් වූ අතර, එය මේ වනවිට සමාජ මාධ්‍ය සහ විදෙස් පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබේ.
අනතුරින් මියගිය නාවික හමුදා සාමාජිකයන් ගණන තුනකි. අධිවේගී බෝට්ටුව හැපීමෙන් මගී යාත්‍රාවට හානි සිදුවිය. එහි සිටි පුද්ගලයන් සියයකට වැඩි පිරිසක් සිටි අතර, ඔවුන්ට කඩිනමින් ආරක්ෂාව ලබා දීමට නාවික හමුදාව පියවර ගත්තේය. සිදුවුණේ කුමක්දැයි යන්න සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වීමට නාවික හමුදාව තීරණය කර ඇත.
2025 ඔක්තෝබර් මස 08
1476
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1320
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉන්දීය නාවික හමුදා බොට්ටුවක් මගී නෞකාවක හැපෙයි