
‘චන්ද්‍රයාන් 3’ යටතේ සඳට ගොඩබෑ ‘වික්‍රම්’ යානය, ‘උඩ පැනීමට’ සැලැස්වූ බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෝ කියති.
විද්‍යාඥයන් කර ඇත්තේ යානයේ රොකට් ඇන්ජින් පණ ගන්වමින්, එය සෙන්ටි මිටර් 40 ක් උඩට යවා ආපසු එම ස්ථානයේ පතිත කිරීමයි. මෙසේ කළේ යානයේ රොකට් ඇන්ජින්වල ක්‍රියාකාරීත්වය බැලීමටය.
සඳට පතිත කළ යානය මෙසේ රොකට් දල්වා පණ ගැන්වීම ඉදිරියේ දී සිදු කරන චන්ද්‍ර මෙහෙයුම්වලට වැදගත් වනු ඇතැයි ඉන්දීය විද්‍යාඥයෝ පැහැදිලි කර දෙති.
‘වික්‍රම්’ යානය සිය මෙහෙයුම් අවසන් කිරීමෙන් පසු යළි පෘථිවිය බලා පැමිණෙන්නේ නැත. ඉන්දීය විද්‍යාඥයන් එය අතහැර දැමීම සිදු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක බොරුවක්...
කක්කා පාරක් දමන්න වෙන්න ඇති උඩ පැන්නෙ.