ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, නිල සංචාරයක් සඳහා අග්නිදිග ආසියානු රටක් වන ලාඕසය බලා පිටත්ව ගියේය.
අග්නිදිග ආසියානු රටවල නායකයන් සහ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් 21 වැනි ‘ආසියාන් ඉන්දියා’ සමුළුව සහ 19 වැනිදා නැගෙනහිර ආසියා රටවලරාජ්‍ය නායක සමුළුව ලාඕසයේ දී පැවැත්වෙයි. මෝදි ලාඕසයබලා යන්නේ එම සමුළුවලට සහභාගීවීමේ අරමුණින්ය.
‘ආසියාන්’ සමුළුවට සහභාගී වන සෙසු රටවල් වන්නේ, ඉන්දුනීසියාව, තායිලන්තය, සිංගප්පූරුව, පිලිපීනය, වියට්නාමය, මැලේසියාව, මියන්මාරය, කාම්බෝජය, බෲනායි රාජ්‍යයයි.
ජපාන නව අග්‍රාමාත්‍ය ෂිගුරු ඉෂිබා ද ‘ආසියාන්’ සමුළුවට සහභාගී වෙයි. අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ඉෂිබාගේ පළමු විදෙස් සංචාරය වන්නේ මෙයයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සහ නව ජපක් අග්‍රාමාත්‍ය ෂිගුරු ඉෂිබා අතරේ ද හමුවක් සමුළුවට සමගාමීව පැවැත්වීමට නියමිත බව පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඉන්දීය අගමැති ලාඕසය බලා යයි