IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


ඉතාලියේ වෙඩි තැබීමකින් කාන්තාවෝ තිදෙනෙක් මරුට

ඉතාලි අගනුවර අවන්හලක සිදුවුණු වෙඩි තැබීමකින් කාන්තවන් තිදෙනකු ජීවිතක්ෂයට පත් වූහ.

වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෝ සිවු දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කෙරුණාහ. එම සිවුදෙනා අතර පිරිමින් දෙදෙනකු සහ කාන්තාවන් දෙදෙනකු සිටින බව පොලිසිය කියයි.

මියගිය කාන්තාවන් තිදෙනාගෙන් එක් අයකු ඉතාලි නව අග්‍රාමාත්‍ය ජෝර්ජියා මොලෝනීගේ සමීපතම මිතුරියක සිටින බව ද පැවැසෙයි.  ජෝර්ජියා මොලෝනී ඉතාලියේ පළමු අග්‍රාමාත්‍යවරිය ද වෙයි.

අග්‍රාමාත්‍යවරියගේ මිතුරිය යැයි මාධ්‍ය වාර්තා කර ඇත්තේ  නිකොලොත් ගොලිසානෝ ය. මියගිය සෙසු කාන්තාවන් දෙදෙනා එලිසබෙතා සයිලෙන්සි සහ සබීනා ස්පෙරන්ඩීනෝ බව ද පැවැසෙයි.

ඝාතනයට ලක්වුණු එම කාන්තාවන් තිදෙනා ‘ලුසියානා සියොර්බා’ සුබසාධක සමිතියේ නිලධාරීන් තිදෙනෙකු බවත්, ඔවුන් සහ සෙසු පිරිස රෝමයේ ෆිදෙනේ දිස්ත්‍රික්කයේ අවන්හලට පැමිණ සිටියේ සුබසාධක කමිටුවේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය.

අවන්හලට කඩා වැදී වෙඩි තැබීම කළේ 57 හැවිරිදි පිරිමියෙකි.

පොලිසිය වහා ක්‍රියාත්මක වී, එම තැනැත්තා අත්අඩංගුවට ගත්තේය. එම තැනැත්තා වෙඩි තැබීම කර ඇත්තේ සුබසාධක සංගමයේ කටයුතු සම්බන්ධයෙනක් පැවැති මත ගැටුමක් මුල්කොට ගනිමින් බව මූලික පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත.

(රොයිටර්)



අදහස් (0)

ඉතාලියේ වෙඩි තැබීමකින් කාන්තාවෝ තිදෙනෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 108 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site