
ඉතාලි අගනුවර අවන්හලක සිදුවුණු වෙඩි තැබීමකින් කාන්තවන් තිදෙනකු ජීවිතක්ෂයට පත් වූහ.
වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෝ සිවු දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කෙරුණාහ. එම සිවුදෙනා අතර පිරිමින් දෙදෙනකු සහ කාන්තාවන් දෙදෙනකු සිටින බව පොලිසිය කියයි.
මියගිය කාන්තාවන් තිදෙනාගෙන් එක් අයකු ඉතාලි නව අග්‍රාමාත්‍ය ජෝර්ජියා මොලෝනීගේ සමීපතම මිතුරියක සිටින බව ද පැවැසෙයි. ජෝර්ජියා මොලෝනී ඉතාලියේ පළමු අග්‍රාමාත්‍යවරිය ද වෙයි.
අග්‍රාමාත්‍යවරියගේ මිතුරිය යැයි මාධ්‍ය වාර්තා කර ඇත්තේ නිකොලොත් ගොලිසානෝ ය. මියගිය සෙසු කාන්තාවන් දෙදෙනා එලිසබෙතා සයිලෙන්සි සහ සබීනා ස්පෙරන්ඩීනෝ බව ද පැවැසෙයි.
ඝාතනයට ලක්වුණු එම කාන්තාවන් තිදෙනා ‘ලුසියානා සියොර්බා’ සුබසාධක සමිතියේ නිලධාරීන් තිදෙනෙකු බවත්, ඔවුන් සහ සෙසු පිරිස රෝමයේ ෆිදෙනේ දිස්ත්‍රික්කයේ අවන්හලට පැමිණ සිටියේ සුබසාධක කමිටුවේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය.
අවන්හලට කඩා වැදී වෙඩි තැබීම කළේ 57 හැවිරිදි පිරිමියෙකි.
පොලිසිය වහා ක්‍රියාත්මක වී, එම තැනැත්තා අත්අඩංගුවට ගත්තේය. එම තැනැත්තා වෙඩි තැබීම කර ඇත්තේ සුබසාධක සංගමයේ කටයුතු සම්බන්ධයෙනක් පැවැති මත ගැටුමක් මුල්කොට ගනිමින් බව මූලික පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd