දකුණුදිග ඉතාලියට අයත්, ඉස්කියා දූපතේ සිදුවුණු නායයෑමකට හත් දෙනෙක් බිලිවූහ. අලුත උපන් බිලිඳකු සහ කුඩා දරුවන් දෙදෙනකු එම හත් දෙනා අතර සිටින බව ඉතාලි මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉස්කියා දූපත සංචාරක නිකේතනයක් ලෙස ප්‍රකටය. මහ වැසි හේතුවෙන්, මඩ තට්ටුවලින් වැසී ගියේ ඉස්කියා දූපතේ කැසමිච්චෝලාසේර් ටමේ වෙරළාශිත නගරයයි.
නගරයේ නිවාස සහ ගොඩනැගිලි මඩ තට්ටුවලින් යට වුයේ ඒවායේ සිටි පිරිස් පණ පිටින් වළලමිනි. මඩ තට්ටු සමත්‍ව ගසා ගෙන ආ මෝටර් රථ නගරයේ තැන්තැන්වල ගොඩගැසී ඇති අයුරු ද දකින්න ලැබෙයි.
මඩ තට්ටු අතරේ සිරවුණු තවත් පස් දෙනකු සිටින බවත් ඔවුන් සොයා දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් පැවැසෙයි. නායයෑම හට ගැනීමට පෙර පැය 6 ක් තිස්සේ නොකඩවා මිලි මීටර් 126 ක දැඩි වර්ෂාපතනයක් ඇද හැලුණි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව ගතවුණු විසි වසරක කාලය තුළ පතිත වූ වැඩිම වර්ෂාපතනය මෙයයි.
නිවාස සහ ගොඩනැගිලිවල සිරවී සිටින පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම් නොකඩවා සිදු කෙරේ. නිවාස අහිමිවුණු පිරිස් සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමට පියවර ගෙන ඇතැයි ඉතාලි මාධ්‍ය පවසයි. ඉස්කියා දූපතේ සිදුවුණු නායයෑමත් සමඟ ඉතාලි රජය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉතාලියේ ඉස්කියා දූපතේ නායයෑමට හතක් බිලිවෙති