ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමානයේ ඒකක 6.1ක් ලෙසිනි.
ඇෆ්ගන් මාධ්‍ය වාර්තා කළේ එරට වැසියන් 150 දෙනකු භූමි කම්පාව හේතුවෙන් ජීවිතක්ෂයට පත් වුණු බවය. නිවාස සිය ගණනක් ද මුළුමනින්ම විනාශ වී ඇතැයි තලේබාන් රජය උපුටා දක්වමින් ඇෆ්ගන් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පවසා තිබේ.
අග්නිදිග ඇෆ්ගනිස්තානයේ කෝස්ට් නුවරට කිලෝ මීටර් 44 ක් දුරින්, කිලෝ මීටර් 51 ක් පොළොව ගැඹුරින් භූමි කම්පාව හටගෙන ඇති බව ඇමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඇෆ්ගනිස්තානයේ සහ පාකිස්තානයේ භූමි කම්පා හට ගැනීම ස්වභාවිකය. ඊට හේතුව මෙම රටවල් පිහිටා ඇත්තේ භූ තැටි මායිමකට ඉහළිනි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද දවල් දොළහයි කාලට පමණ ලී ගොඩ හෙල්ලුණා. මම බිරියට කිව්වා පකිස්ථානය ඇෆ්ගන්ස්ථානය පැත්තේ භූමි කම්පාවක් කියල. භූමිකම්පා මැද ජීවිතය ගෙවූ නිසාත් විෂය නිසාත් සංවේදී බව නිසයි දැනුනේ. ස්ථානය කොට්ටාව..
අයියෝ අහිංසක මිනිස්සු... අනේ මේක සාටක දාගෙන ලංකාවම හොරාකාපු රාජපක්ෂලාගේ නඩේම එකට එකතු වුණු තැනක ඕක වුණා නම් කිසිම කෙනෙක් දුක් වෙන්නේ නැහැ...