IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ඇෆ්ගන් සිසුවියන්ට විභාගයට පෙනී සිටීමට අවසර

ඇෆ්ගනිස්තාන සිසුවියන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට පෙනී සිටීමට අවසර නොදෙන ලෙස දන්වමින් එරට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නියෝගයක් නිකුත් කර ඇත.

තලේබාන් පාලනය යටතේ තිබෙන ඇෆ්ගනිස්තාන උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මෙම නියෝගය නිකුත් කර තිබෙන අතර පෞද්ගලික විශ්වවිද්‍යාලවලට මෙම නියෝගය නිකුත් කර ඇතැයි ද වාර්තා වේ.

ඇෆ්ගනිස්තාන කාන්තාවන්‌ට තෘතීයික අධ්‍යාපනය සීමා කරමින් තලේබාන් සංවිධානය නව නීති ගෙනා අතර එය තවදුරටත් තහවුරු කරමින් මෙලෙස විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය සිසුවියන්ට තහනම් කර ඇත.

ඇෆ්ගනිස්තානයේ උතුරු පළාතේ අධ්‍යාපන ආයතනවලට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ලිපියක් යවමින් මෙම නියෝග කර තිබෙන අතර කාබුල් නුවර උසස් අධ්‍යාපන ආයතනවලට ද අදාළ නියෝගය ඇතුළත් ලිපිය ලැබී ඇත.

විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය ලබන මස අගදී පැවැත්වීමට නියමිත ය. මෙම නීතිය අනුව කටයුතු නොකරන පිරිස්වලට නෛතික ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුවිය හැකි යැයි ද අදාළ ලිපියේ සඳහන්ව ඇත.

නැවත දැනුම් දෙන තුරු විශ්වවිද්‍යාලවලට සිසුවියන් ඇතුළත් කර නොගන්නැයි උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉකුත් දෙසැම්බර් මාසයේ දී නියෝග කළේ ය. ඊට අමතරව තලේබාන් පාලනය රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්‍රයේ සිටින කාන්තාවන්ට එම රැකියාවල නිරත නොවන්නැයි ද නියෝග කළේ ය. මේ වනවිට තලේබාන් පරිපාලනය විසින් ඇෆ්ගනිස්තානයේ ගැහැනු උසස් පාසල් සහ අධ්‍යාපන ආයතන රැසක් වසා දමා ඇත.

කාන්තාවන්ට හා ගැහැනු දරුවන්ට අධ්‍යාපනය ලැබීමට සහ රැකියා කිරීමට ඇති අවස්ථා සීමා කිරීම හෝ තහනම් කිරීම හෝ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. තලේබාන් පරිපාලනයට ජාත්‍යන්තරයේ පිළිගැනීම අවශ්‍ය නම් සහ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට හා ආර්ථිකමය වශයෙන් හුදෙකලා වීමෙන් මිදීමට අවශ්‍ය නම් ගැහැනු දරුවන් සහ කාන්තාවන් සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්ති වෙනස් කළ යුතු යැයි බටහිර රාජ්‍ය තාන්ත්‍රිකයෝ අවධාරණය කර ඇත.

ඇෆ්ගනිස්තානයේ බැංකු පද්ධතියට සම්බාධක පැනවීමත් සංවර්ධන අරමුදල් නොලැබීමත් යන හේතු ඇතුළු කරුණු රැසක් හේතුවෙන් ඇෆ්ගනිස්තාන ආර්ථිකය මේ වනවිට දරුණු අර්බුදයකට මුහුණ පා ඇත. ඇෆ්ගනිස්තානයේ මිලියන දස දහස් ගණනකට කඩිමින් ආධාර අවශ්‍ය බව ජාත්‍යන්තර සංවිධාන අනතුරු අඟවා ඇත.

මේ අතර තලේබාන් පරිපාලනය සාර්ව ආර්ථික ස්වයං පෝෂණය කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් පසුගිය වසරේදී ආදායම් එකතු කරගැනීම  ශක්තිමත් කරගැනීමටත් අපනයන ඉහළ නැංවීමටත් සමත්ව ඇතැයි ලෝක බැංකුව ගෙවුණු සතියේ නිකුත් කළ වාර්තාවක දැක්විණි.

(රොයිටර්)



අදහස් (0)

ඇෆ්ගන් සිසුවියන්ට විභාගයට පෙනී සිටීමට අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 328 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2142 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1621 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site