IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


ඇෆ්ගන් සංචාරය නිමකර ඔබාමා පිටවෙද්දී කාබුල් නුවරට ප‍්‍රහාරයක්

ආරක්ෂක ගිවිසුමකට අස්සන් කිරීමේ අරමුණින් ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා, පැය කිහිපයකට ඊයේ (2) හදිසියේම ඇෆ්ගනිස්තානයට පැමිණි අතර, ඔහු පිටත්ව යෑමට ඔන්න මෙන්න කියා තිබියදී තලේබාන් සටන්කාමීහු කාබුල් නුවර විදෙස් කඳවුරකට පහර දුන්හ. එම ප‍්‍රහාරය එල්ල කරන්න ඇත්තේ ජනපති ඔබාමා ඉලක්ක කර ගනිමින් විය හැකි යැයි ඇමෙරිකා ආරක්ෂක අංශ අනුමාන කරයි. ප‍්‍රහාරය එල්ල වූයේ ‘ගී‍්‍රන් විලේජ්’ නමැති විදෙස් කඳවුරටය. ඇමෙරිකා තානාපති කාර්යාලය, යුරෝපා සංගම් කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලය පිහිටා ඇත්තේ අධි ආරක්ෂක කලාපයක පිහිටි එම කඳවුරේය. කාබුල් ජාත්‍යන්තර ගුවන් තොටු පොළත් ඒ අසලින්ම පිහිටා තිබේ. ජනපති ඔබාමා, එයාර් ෆෝස් වන් ගුවන් යානයෙන් පැමිණියේ එම ගුවන් තොටුපොළටය. ඇෆ්ගන් ආරක්ෂක අංශ සැක කරන්නේ ඔබාමාගේ ගුවන් යානය ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාරයක් එල්ල කිරීමට සටන්කාමීන් උත්සාහ කළ බවය. කෙසේ නමුත් ප‍්‍රහාරය එල්ල වෙද්දී ජනපති ඔබාමා කාබුල් නුවරින් පිටව ගොස් තිබුණි. ප‍්‍රහාරයට පැමිණි සටන්කාමීන් තිදෙනාගෙන් එක් අයකු පුපුරන ද්‍රව්‍ය පුරවා ගත් මෝටර් රථයකින් කඳවුරේ ගේට්ටුව අසලට පැමිණ පුපුරුවාගෙන ඇති අතර එම පිපිරීමත් සමඟ හටගත් කලබලය මැද අනෙක් සටන්කාමීන් දෙදෙනා බෝම්බ කබාවලින් සැරසී කඳවුරට කඩා වැදී ඇතැයි වාර්තා වේ. ආරක්ෂක අංශ නිලධාරීන් ඔවුන් දෙදෙනාට වෙඩි තැබූ අවස්ථාවේදී ඔවුන් ද බෝම්බ පුපුරුවා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් කියා සිටියි. ප‍්‍රහාරයෙන් පුද්ගලයන් 6 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර 15 දෙනෙක් තුවාල ලැබූහ. ඔවුන් අතර හමුදා සෙබළුන් ද සිටින බව ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි. ප‍්‍රහාරයේ වගකීම භාර ගනිමින් තලේබාන් සටන්කාමීන් පවසා ඇත්තේ ඔවුන් ඔවුන්ගේ මුජහදීන් (ශුද්ධ යුද්ධයට මැදි වී සිටින සටන්කාමීන්) සටන්කාමීන් ලවා කඳවුරට පහර දුන්නේ ඇමෙරිකා හමුදා ඇෆ්ගනිස්තානයට පැමිණීම ගැන විරෝධය පළ කිරීම සඳහා බවය. ජනපති ඔබාමා, මීට පෙර අවස්ථා කිහිපයකදී සිදු කළාක් මෙන් හොර රහසේම ඇෆ්ගනිස්තානයට පැමිණියේ කවුරුත් පුදුමයට පත් කරමින්ය. ඔහු ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායි හමුවී අස්සන් කළ ගිවිසුමට අනුව, 2014 වසරෙන් පසුවත් ඇමෙරිකන් හමුදාවේ ආරක්ෂාව සහ මුල්‍ය ආධාර ඇෆ්ගන් රජයට හිමිවේ. ඇමෙරිකා හමුදා ඔවුන්ගේ මෙහෙයුම් අවසන් කර ඇෆ්ගනිස්තානයෙන් පිට වී යෑමට නියමතව ඇත්තේ 2014 වසරේ ජූලි මාසයේදීය. ඉන් පසු කුඩා ඇමෙරිකන් සෙබළ කණ්ඩායමක් පමණක් ඇෆ්ගනිස්තානයේ රැඳී සිටිමින් ඇෆ්ගන් හමුදාවේ සහ පොලිසියේ ආරක්ෂක කටයුතුවලට සහාය දීමට නියමිත බව ජනපතිවරුන් දෙදෙනා අතරේ අත්සන් තැබුණු ගිවිසුමේ වැඩි දුරටත් සඳහන් වෙයි. ඇෆ්ගන් ජනපති හමුවීමෙන් පසු ජනපති ඔබාමා, බාගම් නමැති ඇමෙරිකා ගුවන් හමුදා කඳවුරේදී ඇමෙරිකා සෙබළුන් හමුවී කතා බහ කළේය. ජනපති ඔබාමා මේ වසරේ නොවැම්බරයේදී ජනාධිපතිවරණයට මුහුණ දීමට සූදානමින් සිටින අතර ඔහු ඇමෙරිකන් සෙබළුන්ට ඉඟි කළේ මේ වසර අවසන් වෙද්දී ඔවුන් යළි ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවය. අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඝාතනය කර වසරක් ගත වෙද්දී ඇමෙරිකන් හමුදාව විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා සිටින බව ද ඇමෙරිකා ජනපතිවරයා එහිදී කියා සිටියේය. බින් ලාඩන් මරා දැමීම මගින් යුක්තිය ඉටු වූ බව ද හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය. ඇමෙරිකන් ජනපතිවරයාගේ පැය 6 කට සීමා වූ එම ඇෆ්ගන් සංචාරය මැතිවරණ ප‍්‍රචාරක සංචාරයක් යැයි ඇතැම් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. හිටපු ඇමෙරිකානු ජනපති ජෝර්ජ් බුෂ්, තලේබාන් වරුන්ට එරෙහිව ආරම්භ කළ ඇෆ්ගන් යුද්ධය, ඡුන්ද ලබා ගැනීම සඳහා යොදා ගැනීමට ජනපති ඔබාමා උත්සාහ කරතැයි ඇමෙරිකානු දේශපාලන විචාරකයෝ වැඩි දුරටත් කියා සිටිති.  ජනපති ඔබාමා සහ ඇෆ්ගන් ජනපති කර්සායි   ආරක්ෂක ගිවිසුමට අස්සන් තැබීමෙන් පසු.. ජනපති ඔබාමා ඇමෙරිකා සෙබළුන් හමුවෙමින්....



අදහස් (0)

ඇෆ්ගන් සංචාරය නිමකර ඔබාමා පිටවෙද්දී කාබුල් නුවරට ප‍්‍රහාරයක්

විතුෂාන් Thursday, 03 May 2012 05:03 PM

ඔබාමා අනිවාර්යයෙන් ජයග්‍රහණය කරාවි

:       0       0

තරිදු Thursday, 03 May 2012 07:03 PM

ලෝකේ හැමතැනකමදීම ඇමෙරිකාවට නම් යුක්තිය ඉටු වෙනවා. ඒක වෙන්නේ නැත්තේ අනිත් රටවලටයි....

:       0       0

අලිබබා Thursday, 03 May 2012 12:55 PM

මේවා ඔක්කොම ඡන්ද ගුන්ඩු. හැබැයි ජාමෙ බේරගෙන ගිය එක ලොකු දෙයක්. තව පොඩ්ඩෙන් එයාටත් මොනවා වෙයිද දන්නේ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

පාප්තුමා තෝරා ගැනීමේ ඡන්දය ඇරැඹේ
2025 මැයි මස 07 1561 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම


මොස්කව් නුවරට ඩ්‍රෝන ප්‍රහාරයක්
2025 මැයි මස 06 249 0

මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් ප්‍රකාශ කළේ, එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් කිසිදු අනතුරක් සිදු නොවුණු බවය. මොස්කව් අගනුවරට පැමිණි තවත් ඩ්‍රෝන 19 ක් විනාශ ක


ගාසා තීරය අත්පත් කර ගැනීමේ සැලැස්මක්
2025 මැයි මස 06 253 0

ගාසා තීරය පහර දී සම්පූර්ණයෙන් අත්පත් කර ගැනීමේ සැලැස්මකට, ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන් බව පැවැසෙයි. ඒ, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්


සිරියානු ජාතික රූපවාහිනී නාලිකාව විකාශය අරඹයි
2025 මැයි මස 06 129 0

සිරියාවේ ජාතික රූපවාහිනී සේවය යළි ඔවුන්ගේ විකාශය කටයුතු ආරම්භ කර ඇත. ඒ, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සිය ධුරයෙන් නෙරපා දමා මාස පහකට පසුවය.


ජගත් ආරක්ෂක කවුන්සිලය දොස් කියයි
2025 මැයි මස 06 118 0

දකුණු කාශ්මීරයේ පෙහෙල්ගාම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරය මුල්කොට ගනිමින්, ඉන්දියාව සමග අර්බුදයක් ඇතිකරගෙන සිටින පාකිස්තානයට එක්සත් ජාතීන්ගේ ආරක


පේරු පතලකින් මළසිරුරු 13 ක්
2025 මැයි මස 05 209 0

ලතින් ඇමෙරිකාවට අයත් පේරු රාජ්‍යයේ රන් පතලකින් මළසිරුරු 13 ක් සොයා ගත් බව විදෙස් මාධ්‍ය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1052 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 252 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1295 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site