
ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර, විදේශ කටයුතු අමත්‍යාංශය ඉදිරිපිට බෝම්බයක් පිපිරී 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 40 ක් යැයි ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන පවසයි.
එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවත්, බෝම්බ ප්‍රහාරය එල්ල කළේ ඇෆ්ගන් අයි.එස්. ත්‍රස්තවාදීන් බවත් ඇෆ්ගන් තලේබාන් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඇෆ්ගන් අයි.එස්. ත්‍රස්ත කල්ලිය ද ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇත.
ඇෆ්ගන් විදේශ කටයුතු අමත්‍යාංශය පිහිටා ඇත්තේ අධි ආරක්ෂිත කලාපයකය. මරාගෙන මැරෙන බෝම්බකරු ආරක්ෂක අංශ මඟහැර අමාත්‍යාංශ ගොඩනැගිල්ල ඉදිරියට පැමිණ බෝම්බය පුපුරුවා ගත් බව සිද්ධිය දුටුවෝ පවසති.
ඇෆ්ගන් විදේශ කටයුතු අමත්‍යාංශය ඉදිරිපිට සිදුවුණු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකාව ද ඇෆ්ගන් තලේබාන් රජයට සිය කනගාටුව පළ කර ඇත. තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ යළි බලය අල්ලා ගනිමින් රජයක් පිහිටුවා ගත්තේ 2021 අගෝස්තු මාසයේය. ඒ, ඇමෙරිකන් හමුදා තලේබාන්වරුන්ට එරෙහි යුද මෙහෙයුම් අවසන් කර ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසුවය.
ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක වන්නේ ‘කොරසන්’ නමැති පළාතෙන් බිහිවුණු අයි.එස්. ත්‍රස්ත කල්ලියයි. මෙම කල්ලිය හැඳින්වෙන්නේ ‘කොරසන් අයි.එස්. ත්‍රස්තවාදීන්’ යනුවෙනි. මෙම ත්‍රස්ත කල්ලිය සමඟ තලේබාන් අත්වාදීන් එක් වී සිටින බව පැවැසෙයි. ඇෆ්ගන් තලේබාන් රජයට, කොරසන් අයි.එස්. ත්‍රස්ත කල්ලිය තර්ජනයක් බව ඇමෙරිකන් බුද්ධි අංශ පෙන්වා දී තිබේ.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
349
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2152
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1633
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇෆ්ගන් විදේශ අමත්‍යාංශයට අයි.එස්. ත්‍රස්තයෝ පහර දෙති