
ඇෆ්ගන් තලේබාන් රජයේ වැඩ බලන ආරක්ෂක අමාත්‍ය මුල්ලා මොහොමඩ් යකූබ් සහ ඉන්දීය රජය පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ ඉරානය වෙනුවෙන් පත් කළ විශේෂ නියෝජිත ජේ.පී. සිං අතරේ හමුවක් පැවැත්විණි.
ඇෆ්ගනිස්තානයට වැඩි වැඩියෙන් මානුෂීය ආධාර ලබා දීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු විය. ඊට අමතරව, ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් ඉදි කෙරුණු ඉරානයේ චබාහාර් වරාය භාවිතය සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්විණි.
ඉන්දීය නියෝජිත ජේ.පී. සිං මෙම හමුව පැවැත්වූයේ කාබුල් අගනුවරදීය. ඔහුට ඇෆ්ගන් හිටපු ජනාධිපති හමීඩ් කර්සායි හමුවී සාකච්ඡා කිරීමට ද අවස්ථාවක් ලැබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd