ඇවිදීම මොළයේ මතක ශක්තිය වර්ධනය කිරීමට හේතු වන්නේ යැයි ඇමරිකාවේ පිට්සර්බර්ග් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති.
ඔවුන් පවසන ආකාරයට සතියට දින 3 ක් වත් එක් දිනකට මිනිත්තු 40 ක පමණ කාලයක් ඇවිදින්නේනම් එය මොළයේ මතක ශක්තිය වර්ධනය වීමට හේතු වේ.
පර්යේෂක පිරිස වයස අවුරුදු 55 ත් 80 ත් අතර වූ පුද්ගලයින් පිරිසක් තෝරාගෙන සිදුකළ පර්යේෂණයකින් මේ කරුණු හෙළිව ඇත.
මුලින්ම ඔවුන්ගේ මොළයේ පරිලෝකන ඡුායාරූපයන් ලබාගෙන ඇති පර්යේෂක පිරිස සතියකට දින 3 ක් විනාඩි 40 බැගින් ඇවිදීමට කාලය වැය කරන්නැයි ඔවුන්ට උපදෙස් දී තිබේ.මෙසේ වසරකට පසු යළිත් ඔවුන්ගේ මොළයේ පරිලෝකන ඡායාරූපයන් ලබාගෙන ඇති පර්යේෂක පිරිසට දැකගත හැකිව තිබෙනුයේ ඔවුන් සියලූදෙනාගේම මොළයන්ගේ මතක ශක්තිය සදහා හේතු වන ප‍්‍රදේශයන් සියයට 2 කින් පමණ වර්ධනය වී ඇති බවයි.
වයසත් සමග මොළයත් අකර්මණ්‍ය වන්නේයැයි පිළිගැනෙනා මුත් මේ පර්යේෂණයෙන් මොළයට ජීවය දීමේ ක‍්‍රම ඇත්තේයැයි පෙනී යන බව පර්යේෂක පිරිසේ ප‍්‍රධානී ආචාර්ය කර්ක් එරික්සන් පවසයි.
‘‘මේ ප‍්‍රතිඵල ලබාගන්න වැඩි මහන්සියක් විය යුතු නැහැ.පොඞ්ඩක් ඇවිදින එක විතරයි කරන්න ඕනේ.මෙකෙන් වෙන්නේ වයසට යන එක පමා කිරීමක් වගේ දෙයක්‘‘ යැයි ඔහු කියයි.
නමුත් මොළය වර්ධනය වීමට යැයි කියා පණ කඩාගෙන ඇවිදීම පමණක් සෑහෙන්නේ නැති බව පර්යේෂක පිරිස පවසති.
‘‘ඇවිදින එක පමණක් නොවේ.ව්‍යායාම කිරීම මොළයේ වර්ධනයට බලපානවා.නමුත් මොළයේ වර්ධනයටය කියලා පමණටත් වඩා ව්‍යායාමයන් කිරීම කිසිදු ඵලයක් නැති දෙයක්.මොළය ගෙවී යන එකයි වෙන්නේ.ඒ නිසා තමන් ආශා කරන,සතුටක් ලබන ව්‍යායාමයක් තෝරා ගැනීම වැදගත්.මොකද සතුටින් කරන දෙයක් නම් මොළයට පීඩනයක් ඇත්තේ නැහැ.ඒකත් වයසට යන එක ප‍්‍රමාද කරන හේතුවක් තමයි‘‘ ආචාර්ය එරක්සන් කියයි.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළේය. එම සංචාරයේ දී ඔහු පළමුවෙන් සෞදි අරාබියට යෑමට කියමිතය.
ඇමෙරිකාවේ ඖෂධ මිල සියයට 90 ක් දක්වා අඩු කිරීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.
ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය.
ත්‍රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැත
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඇවිද්ද පය මොළේට වටී
Shan Friday, 21 February 2014 10:42 AM
අපේ පාර්ලිමේන්තුවට වාහන යන එක නතර කරලා යන අය මග ඉඳල පයින් යන්න සැලසුවොත් ලංකාවටත් හොඳ ප්‍රතිපල ලබාගන්න පුළුවන් (අ)
මෙවන් Saturday, 22 February 2014 06:09 PM
මේක සත්‍යයක් කියල හිතෙනවා මොකද අපේ ගම්වල ජීවත්වන වැඩිහිටි පරම්පරාව කරන්නෙම පයින් ඇවිදින එකනේ. ඒ ගොල්ලත් එක්ක කතා කලහම මැන ගන්න පුළුවන් ඒ ඇත්තන්ගේ මතක ශක්තියේ පරිමාව. (දී)
වරුණ Friday, 21 February 2014 09:22 PM
ප්‍රයිවෙට් බස් වලින් බේරිලා යන්න පුලුවන්නම් තමයි ඇඟට ගුණ (දී)
ආරියසේන Thursday, 20 February 2014 09:27 PM
ඇවිදින පය දහස් වටී කියල අපේ පුරාන කියමනක් තියෙනවා නේ. ඇමරිකාව ඒක නොදැන වෙන්න ඇති. (අ)
ලලිත් Sunday, 23 February 2014 10:37 AM
එකනේ ඇවිද්ද පය දහස් වැටි කියන්නේ (දී)
චමී Saturday, 22 February 2014 10:05 AM
අපරාදේ ඉස්කෝලේ යන කාලේ දැනගත්ත නම් මම පයින් යනවා දෙවුන්දර තුඩුවේ ඉදන් පේදුරු තුඩුවට(දිල්)