වසර 2025 දී අමෙරිකාව සහ චීනය අතර යුද්ධයක් හටගනු ඇතැයි අමෙරිකානු ගුවන් හමුදා ජෙනරාල්වරයෙකු වන ජෙනරාල් මයික් මිනිහන් අනතුරු අගවා තිබේ.

ජෙනරාල් මයික් මිනිහන් පවසා ඇත්තේ මෙම යුද්ධය, චීනය අයිතිය ඉල්ලන තායිවානය මුල්කොට ගනිමින් හටගනු ඇති බවය.

මෙම 2024 දී තායිවාන ජනාධිපතිවරණය මෙන්ම, ඇමෙරිකන් ජනාධිපතිවරණ ද පැවැත්වීමට නියමිතය. එම ජනාධිපතිවරණ ප්‍රතිඵල යුද්ධයක් සඳහා චීනයට නිමිත්තක් සකස් කර දෙනු ඇතැයි පැවැසෙයි.

(රොයිටර්)