ඇමෙරිකා රජය, අන්තර් ජාතික නීති උල්ලංගනය කරමින්, එරට ජාතික ආරක්ෂාවට වෙනුවෙන් යැයි පවසා, ලෝක නායකයන් ගැන සිදු කරන ඔත්තු බැලීම් වහා නැවැත්විය යුතු යැයි බල කරන ජර්මනිය සහ බ‍්‍රසීලය එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ඇමෙරිකාවට එරෙහිව යෝජනාවක් ගෙන ඒමට සූදානම් වෙයි.
ඇමෙරිකා රජය, අන්තර් ජාතික නීති උල්ලංගනය කරනවා යැයි චෝදනා කරන්නේ ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල් සහ ලතින් ඇමෙරිකානු රාජ්‍යයක් වන බ‍්‍රසීලයේ ජනපතිනී දිල්මා රූසෙෆ්ය.
ඇමෙරිකාව තම රට සම්බන්ධයෙන් සිදුකරන ඔත්තු බැලීම් කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, එම ඔත්තු බැලීමේ සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟ පොදු එකඟතාවක් ඇතිකර ගත යුතු බවත්, ජර්මන් චාන්සල්වරිය පවසා ඇත.
ජර්මනිය වැඩි දුරටත් පවසා ඇත්තේ, තමන් ඇමෙරිකාවේ සමීපතම මිතුරක් බවත්, එසේ තිබියදී ඇමෙරිකාව තමන් ගැන ඔත්තු බැලීම ගැන තමන් දැඩි ලෙස කනස්සල්ලට පත් වී සිටින බවත්ය.
ජර්මන් චාන්සල්වරිය එල්ල කරන චෝදනා සම්බන්ධයෙන්, ඇමෙරිකා ජනපති ඔබාමා ඇයට ඇමතුමක් දී කරුණු පැහැදිලි කිරීමක් කළ බව ද වාර්තා වේ.
මේවනවිට, ජර්මන් බුද්ධි අංශ නියෝජිත කණ්ඩායමක් ඇමෙරිකාවට ගොස් ඇති බවත්, ඇමෙරිකාවේ බුද්ධි අංශ සමඟ ඔවුන් සාකච්ඡුා පැවැත් වූ බවත් වාර්තා වේ.
ඇමෙරිකා රජය තම ඊ මේල් පණිවුඩ ගැන සොයා බලනවා යැයි බ‍්‍රසීල ජනපති දිල්මා රූසෙෆ් ද චෝදනා කළේ මීට සතියකට පමණ පෙරය. එම චෝදනා සම්බන්ධයෙන් ඇය ඇමෙරිකාවට දොස් පවරා ඇමෙරිකා සංචාරයක් ද අවලංගු කළාය.
මේ වන විට රහස් හෙළි වීම නිසා ඇමෙරිකා රජය සහ එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව දැඩි අර්බුදයකට මුහුණ දී සිටී. දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ, එම අර්බුදයෙන් ගොඩ ඒමටත්, ‘හොඳ නම’ රැක ගැනීමටත් ජනපති ඔබාමාට විශාල පරිශ‍්‍රමයක් දැරීමට සිදුවනු ඇති බවය.
ඇමෙරිකාව සිදුකරවන ඔත්තු බැලීම් සම්බන්ධයෙන් රහස් වාර්තා දහස් ගණනින් මාධ්‍ය ආයතනවලට ලබා දී ඇත්තේ, එන්.එස්.ඒ. ඒජන්සියේ හිටපු කොන්ත‍්‍රාත්කරුවකු වන එඞ්වඞ් ස්නෝව්ඩන්ය.
චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ
ලියෝ පාප්තුමන්ගේ පළමු ඉරිදා දේව මෙහෙය වතිකානයේ දී පැවැත්විණි. ‘තවත් යුද්ධයක් එපා’ යැයි නව පාප්තුමන් එම දේව මෙහෙය අතතුරේ ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් කළේය.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි
සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.
14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.
සෝවියට් දේශය (වර්තමානයේ රුසියාව) සිකුරු ග්‍රහලොව ගවේෂණයට යැවූ ගවේෂන යානයක්, යළි පෘථිවියට කඩා වැටීමට නියමිතය.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඇමෙරිකාවට එරෙහිව බ‍්‍රසීලයෙන් ජර්මනියෙන් යෝජනාවලියක්
කුමාරි Tuesday, 29 October 2013 10:26 AM
කොහොම වුනත් හැමෝටම පෞද්ගලිකත්වයක් තියනවා. ඒකට ඇඟිලි ගහන එක හොඳ මදි නේද? (ස)
පැංචි Tuesday, 29 October 2013 10:52 AM
"පෞද්ගලිකත්වයට ඇඟිලි ගහන එක හොඳ මදි නේද" නේද කුමාරි අක්කේ..මම අපේ අම්මටත් කිව්වා ..මගේ පිටේ තාම කෝටු පාරවල්..මොකද කරන්නේ..කපමුද ඇගිලි. (ස)
ලාල් Tuesday, 29 October 2013 01:19 PM
සමහරු ගහක කොළයක් වැටෙන ශබ්දයක් ඇහුනත් මහා කලබලයකින් වට පිට බලනවා. මොකද එයාලා ඒතරමට බයයි. (නි)
ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 29 October 2013 02:23 PM
පැංචි නමේ හැටියට අදහස් දාල තිබෙනවා. එයාගේ අදහස් මේ ප්‍රවෘතිය සමඟ හොඳින් ගැලපෙනවා. කුමාරි අක්කේ අර කපුකම තාම ඔයා කලේ නැහැ නේද? (ස)