ඇමෙරිකාවේ පිලිඩෙල්පියා නගරයේ වෙඩි තැබීමක් සිදුවිය. එයින් මියගිය ගණන තුනකි. 11 දෙනෙක් තුවාල ලැබූහ.
වෙඩි තැබීම සිදුවූයේ රාත්‍රියේ පිලිඩෙල්පියා නගර වැසියන් එළිමහනේ එක්රොක් වී කා බී විනෝද වෙමින් නිදහසේ ගත කළ අවස්ථාවකදීය.
වෙඩික්කරු හිටිහැටියේ පිරිස අතරට කඩා වැදී වෙඩි තැබූ බව පොලිසිය පවසයි.
මියගිය තිදෙනාගෙන් එක් අයකු කාන්තාවකි.
වෙඩික්කරු කොටු කර ගැනීමට පොලිසිය වෙඩි තැබූ අවස්ථාවේදී ඔහු ගිනි අවිය බිම දමා පලා ගිය බවත් මේ වනවිටත් ඔහු සොයා පොලිස් පරීක්ෂණ සිදුවෙමින් පවතින බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd