
ගුවන් ගමන් පාලන පරිගණක පද්ධතියේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, ඇමෙරිකාව පුරා ගුවන් ගමන්වලට බාධා එල්ල විය. ඇමෙරිකාවේ ගුවන් ගමන් පාලනය සිදුවන්නේ ‘නෝටාම්’ නමැති පරිගණක පද්ධතියේ ආධාරයෙනි. තාක්ෂණික දෝෂය හටගත්තේ මෙම පද්ධතියේය.
තාක්ෂණික දෝෂය හේතුවෙන් අභ්‍යන්තර ගුවන්ගමන්වලට පමණක් නොව ජාත්‍යන්තර ගුවන්ගමන්වලට ද බාධා එල්ල විය. මගීන් දස දහස් ගණනකට ගුවන්තොටුපොළවල පැය ගණනක් රැඳී සිටීමට සිදුවිය.
ගුවන් ගමන් 5,400 ක් ප්‍රමාද කිරීමට මෙම තාක්ෂණික දෝෂය හේතුවක් වූ බව ඇමෙරිකන් ෆෙඩරල් ගුවන් ගමන් පාලන අධිකාරිය පසුව පැවැසීය.
කෙසේ නමුත් පැය කීපයක් යද්දී, දෝෂය නිවැරදි කිරීමට හැකිවිය. ඒ අනුව, ගුවන් ගමන් සාමාන්‍ය පරිදි ආරම්භ වූ බව ඇමෙරිකන් ෆෙඩරල් ගුවන් ගමන් පාලන අධිකාරිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇමෙරිකාවේ ගුවන් ගමන් හිටිහැටියේ අඩපණ වෙයි