
ඇමෙරිකාව, ඉන්දියාවට අනතුරු ඇඟවීමක් කළේය. ඒ, ඉන්දියාව, ඉරානයේ චබහාර් වරාය සම්බන්ධයෙන්, ඉරානය සමඟ වසර 10 ක කොන්ත්‍රාන්තුවකට අත්සන් තැබීමත් සමඟය.
චබහාර් වරාය යනු ඉරානය, ඉන්දියාවේ සහාය ඇතිව ඉදි කරන ලද වරායකි. ඉරානයට මධ්‍යම ආසියානු රටවල් සමඟ වෙළෙඳ ගනුදෙනු තවත් වැඩි කර ගැනීමට මෙම වරාය උදවු වනු ඇතැයි පැවැසෙයි.
ඇමෙරිකාව සහ ඉරානය අතර අර්බුදයක් පවතින අතර, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් ඇමෙරිකාව ඉරානයට සම්බාධක පනවා ඇත. ඊට අමතරව, ඉරානය සමඟ ගනුදෙනු කිරීමෙන් වළකින්නැයි ද සෙසු රටවලට ඇමෙරිකාව තර්ජනය කර තිබේ.
ආසියානු කලාපයේ, චීනයේ නැගී සිටීම් මැද, ඇමෙරිකාවට සිටින සමීපතම මිතුරා වන්නේ ඉන්දියාවය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමෙරිකන් රජය අතරේ පවතින්නේ ඉතාමත් සමීප ශක්තිමත් සබඳතාවකි.
‘ඉරානය සමඟ ගනුදෙනු කරන ඕනෑම අයකු දැන ගන්න ඕනෑ. ර් සම්බන්ධයෙන් ඔවුන්ට ප්‍රතිවිපාක විදින්න සිදුවෙනවා. කවුරු වුණත් කරන්න දෙයක් නැහැ’ යැයි ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ වක්‍රව ඉන්දියාවට තර්ජනයක් ද කරමිණි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd