
මැදපෙරදිග රටවල නිල සංචාරයක යෙදෙන ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පලස්තීන පාලනයේ පවතින බටහිර ඉවුරේ රාමල්ලා නුවරට පැමිණ පලස්තීන ජනාධිපති මොහොමද් අබ්බාස් හමුවිය.
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්, පලස්තීනය බලා පැමිණියේ, ඊශ්‍රායලයට ගොස් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමුවී සාකච්ඡා කිරීමෙන් පසුවය.
රාමල්ලා නුවරදී, පලස්තීන ජනාධිපති හමුවුණු අවස්ථාවේදී, ඊශ්‍රායල රජය පලස්තීනයට අයත් ඉඩම්වල අනවසරයෙන් ජනාවාස ඉදිකිරීම සාකච්ඡාවට බඳුන් විය.
කොන්දේසි විරහිතව සෑම විටම ඊශ්‍රායලයට දීමට තමන් සූදානම් යැයි ඇමෙරිකාව පැවැසුවත්, පලස්තීන ප්‍රදේශවල ජනාවාස ඉදිකිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පැහැදිලි කළේය.
ඊශ්‍රායල පලස්තීන අර්බුදය විසඳිය හැක්කේ ද්වී රාජ්‍ය විසඳුමකින් පමණක් යැයි ද බ්ලින්කන් පෙන්වා දුන්නේය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd