
චීනයේ සංචාරයක යෙදෙන ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් පැවැත්විණි. ඇමෙරිකාවටත් චීනයටත් වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට බඳුන් විය.
පසුගිය වසර ගණනාව තිස්සේ ඇමෙරිකාවත් චීනයත් අතර අර්බුද පැවැතිණි. එම අර්බුද හේතුවෙන් දෙරට අතර හිතවත්කම් පවා පළුදු වී තිබුණි. පළුදු වුණු එම හිතවත්කම් යළි ශක්තිමත් කර ගැනීම ඇමෙරිකන් රාජ්‍ය ලේකම් බ්ලින්කන්ගේ මෙම චීන සංචාරයේ අරමුණ යැයි පැවැසෙයි.
බැලූන යොදා ගනිමින් චීනය ඇමෙරිකාවේ කළ ඔත්තු බැලීම්, රුසියන් යුක්රේන යුද්ධයේදී චීනයේ සහාය ඇමෙරිකාවට හිමිවීම, චීන තායිවාන අර්බුදය ආදිය සම්බන්ධයෙන් බ්ලින්කන් සහ චීන ජනාධිපතිවරයා අතරේ ද සාකච්ඡා පැවැත්විණි.
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ බ්ලිකන්ගේ චීන සංචාරය ඉතා සාර්ථක බවය. මේ අතර යුක්රේන යුද්ධයේ දී රුසියාවට අවි ලබා දීමේ අදහසක් නැති බව චීන ජනාධිපති ෂී ජින්පින් ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා හමුවේ පැහැදිලි කර ඇතැයි ද බයිඩන් මාධ්‍ය හමුවේ පවසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd