ඉහළ පෙළේ ඇමෙරිකන් රාජ්‍ය නිලධාරීන් තිදෙනකු වෙනිසියුලාවෙන් පිටුවහල් කිරීමට වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ ඊයේ (1) පියවර ගත්තේය.
ජනාධිපති මදුරෝ, එරට කැරැුකස් අගනුවර ඇමෙරිකන් තානාපති කාර්යාලට සම්බන්ධ එම නිලධාරීන් තිදෙනා නෙරපා දැම්මේ, විපක්ෂ දේශපාලන නායකයන් කිහිප දෙනකු හමුවී සාකච්ඡුා කළ බවටත්, රජය පෙරැුළීමට කුමන්ත‍්‍රණය කළ බවටත් චෝදනා කරමිනි.
|
ජනපති මදුරෝ |
වෙනිසියුලාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට ඇමෙරිකාවේ සහාය නිරන්තරයෙන් හිමිවෙයි. චාවේස් බලයේ සිටි අවදියේදී පවා, ඔහු ඇමෙරිකාවට දොස් කියා සිටියේ, ඇමෙරිකාව, වෙනිසියුලානු විපක්ෂ කණ්ඩායම්වලට සහාය දෙමින් රජය පෙරළා දැමීමට කුමන්ත‍්‍රණය කරන බවටය.
”ප‍්‍රබල සාක්ෂි මා සතුව තිබෙනවා. ඇමෙරිකන් රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරීන් විපක්ෂ නායකයන් හමුවී සාකච්ඡුා කළා. ඔවුන් එසේ කළ බව අප දැනගත්තේ පසුවයි. ඇමෙරිකානුවන් පිටුවහල් කරනවා. ඇමෙරිකන් ජනපති ඔබාමා ඒ සම්බන්ධයෙන් මොන තීරණයක් ගත්තත් මට කමක් නැහැ. මම සූදානම් ඊට මුහුණ දෙන්න” යැයි ජනපති මදුරෝ පවසා ඇත.
හියුගෝ චාවේස්ගේ අභාවයෙන් පසු, ඉකුත් අපේ‍්‍රල් මස පැවැති ජනපතිවරණයෙන්, චාවේස්ගේ අනුප‍්‍රාප්තිකයා ලෙස ජනපති ධුරයට පත් මදුරෝ, එදා සිට මේ දක්වා අවස්ථා කිහිපයකදී ඇමෙරිකාව සමඟ මතභේද ඇති කර ගත්තේය.
චාවේස්ගේ අභාවය සිදුවූ අවස්ථාවේදී ඒ බව නිල වශයෙන් රටේ ජනතාවට දැනුම් දීමට පැය කිහිපයකට පෙර, ඇමෙරිකා තානාපති කාර්යාලයට අනුයුක්තව සිටි, හමුදා නිලධාරීන් දෙදෙනකු ද රටින් නෙරැපීමට මදුරෝ පියවර ගත්තේය. ඒ, රජය පෙරැළීමට විපක්ෂය සමඟ එක් වී, හමුදා කුමන්ත‍්‍රණයක් සැලැසුම් කළේ යැයි චෝදනා කරමිනි.
ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ 68 වැනි මහා මණ්ඩල සැසිවාරයට ද චාවේස් සහභාගී වීමට සූදානමින් සිටියේය. එහෙත් ඔහු ඒ ගමන නවතා දැමුවේය. ඒ, ඇමෙරිකානු සී.අයි.ඒ. ඒජන්තවරුන් ඔහු මරා දැමීමට කුමන්ත‍්‍රණ කිරීම නිසා යැයි ද හෙතෙම ඉකුත් සතියේ චෝදනා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නියෝජිතයෝ කොයි රටෙත් කරන්නේ ඕකම තමයි, පන්නලා දාන්නම තමයි වටින්නේ මේ මුළු ලෝකයෙන්ම. (ස)
අපේ අය වගේමයි, කොන්ද කෙලින් තියාගෙන වැඩ කරනවා. ලෝක පොලිස්කාරයො අපේ රටවලට අවශ්‍ය නැහැ තමා (නි)
දැන්වත් මේ බෙදුම් වාදීන්ට හා තානාපතිලට හැදිලා තියෙන බෙදුම්වාදී අමාරුවට රජයක් හැටියට ස්ථිර ප්‍රතිකාරයක් කළ යුතුව ඇත. (නි)
නියම කොන්ද පන තියන, නැමෙන්නේ නැති විරෝධාර රාජ්‍ය නායකයෝ කියන්නේ මේ වගේ අයටයි. මුළු ලෝකෙටම හොද ආදර්ශයක්.(නදී)
කොන්ද පණ තියෙන නායකයෙක්. ඔබ වගේ අය හැම රටකම ඉන්නවා නම් ඇමෙරිකාව අපට ලොකු නෑ. අමරිකාවට කඩේ යන අය ඉන්නකම් ලෝකය හදන්න බෑ. (ස)
හොද කොන්දක් ඇති නිළධාරියෙක්. අපි ගරු කළ යුතුයි (නි)
ශා නියම නායකයෝ එළකිරි!!!!!! ලංකාවෙත් එල්.ටී.ටී.ඊ. එක ෆෝම් කරන්නෙත් ඇමෙරිකාව, ඉන්දියාව වගේ තානාපති කාර්යාල නිලධාරීන් තමා.. (ස)
පසුගිය ජිනීවා මානව හිමිකම් රැස්වීමේදී දකුණු ඇමෙරිකානු රටවල් අපට විරුද්ධව ඡන්දය පාවිච්චි කළා.දැන් අපේ රටේ දුත පිරිසක් යවලා මේ රටවල් සමග සම්බන්ධතා ඇති කර ගත යුතුයි. (නි)
ජාත්‍යන්තර සබදතා මෙහෙයුම සම්බන්ධයෙන් පිළිගත් වියානා සම්මුතිය අනුව කිසියම් රටකට පත්කර ඇති තානාපති නිළධාරීන් පිළිගත නොහැකි බව එම රටට ප්‍රකාශ කළ හැකියි. එයින් අදහස් වන්නේ නැහැ අදාල රට සමග සම්පුර්ණයෙන්ම තානාපති සබදතා අත්හරින බවක්. (නි)