IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකන් නියෝජිතයෝ නයිජර් හමුදා ප්‍රධානීන් හමුවෙති

ඇමෙරිකන් නියෝජිතයන් පිරිසක් සහ නයිජර් රාජ්‍යයේ බලය අල්ලා ගත් හමුදා නායක මොවුසා සලාඕ බර්මෝ අතරේ හමුවක් නියාමේ අගනුවරදී පැවැත්විණි.

එම හමුවට හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ තවත් හමුදා ප්‍රධානීන් පිරිසක් ද සහභාගී වූ බව පැවැසෙයි. ඇමෙරිකන් නියෝජිතයන් ඉල්ලා සිටියේ, අත්අඩංගුවට ගත් නයිජර් ජනාධිපති
මොහොමද් බසූම් වහා නිදහස් කරන ලෙසය.

හමුදා කුමන්ත්‍රණයෙන් පසු නයිජර් රාජ්‍යයට ලබා දෙන සියලු ආධාර නැවැත්වීමට ද ඇමෙරිකානු රජය තීරණය කර තිබේ.

නයිජර් හමුදාව රටේ බලය අල්ලා ගත්තේ පසුගිය ජූලි 26 වැනිදාය.  ඒ, ජනාධිපති ආරක්ෂක අංශ සමඟ එක් වී, ජනාධිපති බාසූම් අත්අඩංගුවට ගනිමිනි. මෙය නයිජර් රාජ්‍යයේ සිදුවුණු හත්වැනි හමුදා කුමන්ත්‍රණයයි. නයිජර් යනු අතීතයේ ප්‍රංශ යටත් විජිතයකි.



අදහස් (0)

ඇමෙරිකන් නියෝජිතයෝ නයිජර් හමුදා ප්‍රධානීන් හමුවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 200 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1590 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site