
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල යොදා ගනිමින්, රුසියාවට ප්‍රහාරයක් එල්ල කිරීමට තමන් යුක්රේනයට අවසර දෙන බව ධුරයෙන් සමු ගැනීමට සූදානම් වන ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
ඇමෙරිකාව යුක්රේනයට දිගු දුර මිසයිල ලබා දීම සිදු කර ඇත්තේ පසුගිය මාස කීපය තිස්සේය. එසේ වුවත්, ඒවා භාවිතයට ගනිමින් රුසියාව තුළ ඉලක්කවලට පහර දෙන්නැයි ඇමෙරිකන් ජනාධිපති බයිඩන් අනුමැතිය දී තිබුණේ නැත.
බයිඩන් එසේ අණ දීමක් කළ පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි. මේ බව අනාවරණය කර ඇත්තේ රොයිටර්ස්, නිව්යෝක් ටයිම්ස් සහ ඇසෝසියේටඩ් ප්‍රෙස් වන ලොව ප්‍රමුඛ පුවත් සේවාය. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ධවල මන්දිරය කිසිවක් පවසා නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd