
බ්‍රසීල හිටපු ජනාධිපති බොල්සොනාරෝගේ ආධාරකරුවන් ඉරිදා දින බ්‍රසීල පාර්ලිමේන්තුවට, ශ්‍රේෂ්ඨාධිකරණයට සහ ජනාධිපති මන්දිරයට කඩා වදින අවස්ථාවේ බ්‍රසීලියා නගරයේ මහජන ආරක්ෂාව පිළිබඳ වගකීම දැරූ ප්‍රධානියා වූ ඇන්ඩර්සන් ටොරෙස් අත් අඩංගුවට ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇලෙක්සැන්ඩර් ඩි මොරායස් නියෝග කර ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඇන්ඩර්සන් ටොරෙස් හිටපු ජනාධිපති බොල්සොනාරෝගේ රජයේ අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබේ. ඇන්ඩර්සන් ටොරෙස් මහජන ආරක්ෂක ප්‍රධානී ධුරයෙන් පසුගිය ඉරිදා ඉවත් කළත් ටොරෙස් නිවාඩුවක් ගත කිරීම සඳහා මෙම මස මුලදී ඇමෙරිකා එක්සත් ජනපදයට ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.
ඇමෙරිකාවේ සිට පැමිණි පසු තමන් පොලිසියට බාර වෙන බව ඇන්ඩර්සන් ටොරෙස් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.එසේම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇලෙක්සැන්ඩර් ඩි මොරායස් බ්‍රසීලියා නගරයේ හමුදා පොලිසියේ ප්‍රධානී ෆැබියෝ ඔගොස්ටෝ වියෙරා අත් අඩංගුවට ගන්නා ලෙසද නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
357
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2157
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1636
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආරක්ෂක ප්‍රධානියා අත්අඩංගුවට ගන්න නියෝග