
අවසන් විදෙස් සංචාරය ආරම්භ කරමින්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ඉතාලියේ සංචාරයකට යෑමට නියමිතය. බයිඩන් සිය ඉතාලි සංචාරය ආරම්භ කරනු ඇත්තේ, ජනවාරි 9 වැනිදාය.
බයිඩන්, ඇමෙරිකන් ජනාධිපති ධුරයෙන් සමුගැනීම සහ නව ජනාධිපති ලෙස එම ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දීම සිදුවන්නේ ජනවාරි 20 වැනිදාය.
ඉතාලි සංචාරයේ දී ඉතාලි අගමැතිනී ජෝර්ජියා මොලෝනී සහ ශුද්ධෝත්තම පාප්තුමන් හමුවීමට ද ජනාධිපති බයිඩන් සූදානමින් සිටින බව ධවල මන්දිරය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd