ඇෆ්ගනිස්තානයේ, අවුරුදු 10 ට වැඩි දැරියන් සඳහා පාසල් අධ්‍යාපනය තහනම් කිරීමට ඇෆ්ගන් තලේබාන් රජය තීරණය කළ බව විදෙස් මාධ්‍ය පැවැසීය.

මෙම තහනම පසුගිය කාලයේ ඇෆ්ගනිස්තානයේ පළාත් කීපයක පැවැතිණි. ඇෆ්ගන් තලේබාන් රජය නිවේදනය කළේ ඔවුන්ට ආවේණික ෂරියා නීතියට අනුව ඇෆ්ගනිස්තානය පුරා මෙම තහනම ක්‍රියාත්මක බවය.

ඇෆ්ගන් තලේබාන්වරුන් හරට බලය යළි අල්ලා ගත්තේ, 2021 වසරේ අගෝස්තු මාසයේ ඇමෙරිකන් හමුදා මෙහෙයුම් අවසන් කර පිටවී යෑමෙන් පසුවය. ඉන්පසු ඔවුන් රජයක් පිහිටුවා ඔවුන්ගේ ෂරියා නීතිය යළි ක්‍රියාත්මක කළේය.