දුම්බීමත් වැඩි කාලයක් වාඩිවී සිටීමත් එක සේ සෞඛ්‍යයට අහිතකර බව පර්යේෂණයකින් තහවුරු කරගෙන ඇත. මෙමගින් දියවැඩියාව වැළඳීමට ඇති අවධානම දෙගුණ වන බවත් හෘදයාබාද වැළඳීමේ සම්භාවිතාව වැඩිකරන බවත් තහවුරු වී ඇත.
පර්යේෂකයන් පෙන්වා දෙන්නේ අලස ජීවන පැවැත්ම ලොව වැඩි මරණ සංඛ්‍යාවකට හේතුවන බවයි. ලොව මරණ සැළකූවිට එය හතරවැනි ස්ථානයේ පසුවෙයි.
බ්‍රිතාන්‍යයේ ලෙයිසෙස්ටර් විශ්වවිද්‍යාලයේ ආචාර්ය එමා විල්මට්ගේ ප්‍රධානත්වයෙන් මේ පර්යේෂණය සිදුකැර ඇත. ඔවුන් පවසන්නේ ලෝකය පුරා මිනිසුන් ලක්ෂ අටක් සම්බන්ධයෙන් වූ අධ්‍යයනයන් 18ක් විශ්ලේෂණය කරමින් මේ පර්යේෂණය සිදුකළ බවයි. වාඩිවී කරන රැකියා හේතුවෙන් මිනිසුන් අන්තරකාරි බවට පත්වේයැයි එමගින් තහවුරු කරගෙන ඇත.
ආචාර්ය එමා විල්මට් මෙසේ පවසයි.
‘‘අප දීර්ඝ කාලයක් ඉඳගෙන සිටින විට අපගේ මාංශපේෂිවල එන්සයිම වෙනස් වීමෙන් රුධිරයේ සීනි මට්ටම ඉහළ යනවා. මේ බලපෑම ඉක්මණින් ඇතිවන දෙයක්. කෙසේ වෙතත් නිතිපතා කරන ව්‍යායාම මගින් සම්පූර්ණයෙන් මේ තත්ත්වයනේ ආරක්ෂාවීමට හැකියාවක් නැහැ. “
බ්‍රිතාන්‍යෙය් වැඩිහිටියන් සියයට 50ක් හෝ 70ක් පමණ පිරිසක් වැඩි කාලයක් ගත කරන්නේ මේසයක් ඉදිරියේ සිට පරිගණකය භාවිතා කරමින් හෝ රූපවාහිනිය නරඹමින්. නැතිනම් කාරයේ රෝදය මත වැඩි කාලයක් ගත කරති.
ආචාර්ය විල්මට් සහ ඔහුගේ කණඩායම සොයාගෙන ඇත්තේ දියවැඩියා අවධානම සහ හෘද රෝග අවධානම තරමක් ඉඳගෙන සිටින අයට වඩා වැඩි කාලයක් ඉඳගෙන සිටින අයගේ දෙගුණයක් බවයි. මෙම කණ්ඩායම හෙළි කරන තවත් කරුණක් නම් විශේෂයෙන් ම කාන්තාවන්ගේ වකුගඩු රෝග සඳහා ඇති අවධානම වාඩිවී සිටීමෙන් ඉහළ යන බවයි. තව ද මස්පිඩු වේදනා සහ පිටකොන්දේ වේදනා ඇතිවන බව ද අනාවරණය වී තිබේ.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අලසකමින් මරණ වැඩිවෙලා
සරත්චන්ද්‍ර Thursday, 15 May 2014 10:14 AM
ඒක ඇත්ත.(නදී)
අරෝෂ් Thursday, 15 May 2014 01:33 PM
අපේ දොස්තර කෙනෙක් ළඟට කවුරුහරි ගිහින් මේ වගේ ලෙඩක් තියෙනවා කියලා කිව්වොත්, පැයකටත් අඩු කාලයකින් ඒක ඔහු සුවකරාවි. අපේ අය ඒතරම් දක්ෂයි (නි)