
අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරවලින්, සිරියාවේ කාන්තාර ප්‍රදේශවල කඳවුරු බැඳගෙන සිටි සිරියානු රජයට සහාය දක්වන සටන්කාමීන් 30 දෙනකු මියගිය බව වාර්තා වේ.
ත්‍රස්තවාදීන් මෙම ප්‍රහාර එල්ල කර ඇත්තේ රක්කා, හොම්ස් සහ දීර් එස් සෝර් යන පළාත්වල කාන්තාර ප්‍රදේශයේ කඳවුරු බැඳ සිටි සිරියානු රජයට හිතවත් සටන්කාමීන්ටය.
සිරියාවේ අයි.එස්. ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට සිරියානු රජය සමත් වී සිටී. ඒ, රුසියාවෙන්, ඉරානයෙන් පමණක් නොව තුර්කියෙන් ද ලැබුණු සහාය අනුවය. එසේ වුවත්, තවමත් අයි.එස්. කල්ලි විටින් විට සිරියානු රජයේ හමුදාවටත්, සිරියානු රජයට හිතවාදී සටන්කාමීන්ටත් ප්‍රහාර එල්ල කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd