කාර්යක්ෂමව සිය සේවය ඉටුකරන සාර්ථක පුද්ගලයන් පවා සිය රාජකාරීවලින් පසු අන්තර්ජාලයට පිවිසීම අත්හළ නොහැක පුරුද්දක් කැර ගැනීමෙන් මානසික සෞඛ්‍ය පිරිහෙන බව පර්යේෂණයකින් තහවුරු වී ඇත.
කාර්යාලයෙන් පසු අන්තර්ජාලයට පිවිසීම ඔවුන්ගේ සුබ සිද්ධියට බාධාවක් බව ද එම පර්යේෂණයෙන් පැහැදිලි වෙයි. එක්සත් රාජධානියේ කරන ලද මේ පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ සමාගම් සිය කාර්ය මණ්ඩලයේ පුද්ගලයන්ට ඇති ප්‍රශ්න ගැන නොතකන බැවින් රාත්‍රී කාලයේ පවා ඔවුන්ට අන්තර්ජාලයට පිවිසි විද්‍යුත් තැපැල් පරීක්ෂා කිරීම් ආදියේ යෙදෙන්නට වන බවයි.
මෙවැනි ක්‍රියා වල යෙදෙන්නේ කාර්ය මණ්ඩලවල අති දක්ෂත ම හා කාර්යක්ෂ ම සාමාජිකයන් බව සොයාගෙන තිබේ.නොර්ත්ඇම්ප්ටන් ව්‍යාපාරකරණය පිළිබඳ පාසැලේ ආචාර්ය ක්‍රිස්ටිනා කුයිනොනෙස් ගාර්සියා ඩේලි ටෙලිග්‍රාප් පුවත්පතට පවසා ඇත්තේ මහන්සි වි හොඳින් වැඩ කරණ සේවකයන් මෙසේ වෙබි අඩවිවල සැරිසැරීමට ඇබිබැහිවීම හේතුවෙන් ඔවුන්ගේ කාර්යක්ෂමතාවය අඩුවන බවයි. මෙම අධ්‍යනයේ සමකර්තෘ වන හෙන්ලේ ව්‍යාපාර පාසැලේ ප්‍රතිපත්ති සහ ආචාර්ය ධර්ම විද්‍යාව පිලිබඳ මහාචාර්ය නඩා කකබඩිසෙ පවසන්නේ අන්තර්ජාලයට යොමුවීම හේතුවෙන් තම හොදම සේවකයන්ගේ සෞඛ්‍ය තත්වය පිරිහි ඇති බව එම හාම්පුතුන් නොදන්නා බවයි.
අන්තර්ජාලය භාවිතයෙන් මොවුන්ගේ ආහාර ගැනීම සහ නින්ද පිලිබඳ රටාවට බාධා සිදුවෙයි. බොහෝ දෙනා තමන් අන්තර් ජාලයේ සැරිසැරීමේ කාලය වැඩි කරගෙන ඇත. ඔවුන් අවම වශයෙන් තෙවරක් පමණ විද්‍යුත් තැපැල් පණිවිඩ පරික්ෂාකිරිමට නින්දෙන් අවදිවෙයි. මේ හේතුවෙන් ඔවුන්ගේ තීරණ ගැනීමේ හැකියාව ද අඩුවන බවත් අත්වැරදීම් වැඩිවූ බවත් තහවුරු කරගෙන ඇත. මේ අධ්‍යනය සඳහා වයස අවුරැදු 18 -65 දක්වා යොදාගත් සංඛ්‍යාව 516 කි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාලය තියෙන්නේ අලුත් දෙයක් ඉගෙනගැනීටයි.(නදී)
ඇත්ත තමයි. කිඹුහුමක් ගියාමත් ඒක කියල ෆේස් බූක් එකේ දාන කාලයක් නේ මේ. (දිල්)
මේ පර්යේෂණ ප්‍රතිපල ගැන අපට දෙවරක් සිතන්න වෙනවා. නිතිපතා අන්තර්ජාලයට ප්‍රවිෂ්ට වීම කාර්යක්ෂමතාවය අඩු කිරීමට හේතුවක් බව එක හෙළාම කියන්න බැහැ. මන්ද අප දන්නා ඇතැමුන් වසර 10 ක් තිස්සේ දිනකට පැය 10 කට වඩා අන්තර්ජාලය පරිශීලනය කලත් කාර්යක්ෂම තාවය වැඩිවීමක් මිස අඩු වීමක් පෙන්නුම් කරලා නැහැ. මෙහිදී අප විසින් පැහැදිලි කරගත යුතුව ඇත්තේ මේකියන පුද්ගලයින් අක්‍රීය ලිංගික තෘප්තියක් අන්තර්ජාලයෙන් ලබන්න උත්සාහ කළාද නැත්නම් තම අධ්‍යාපන කටයුතුවලට හෝ රැකියාවට අවශ්‍ය දැනුම ලබා ගැනීම සඳහා අන්තර්ජාලයේ රැඳී සිටියාද කියන එකයි. (දී)
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා මහතා සමග 100% එකගය. දෙවන කාරණය සදහා අන්තර්ජාලය පරිශීලනය මැනවින් කළහොත් නිසැකවම කාර්යක්ෂම තාවය වැඩිවීමක් කරා ගමන් කල හැකිය. මම ඒ අංශයෙන් විපුල පල නෙලා ගත්තෙක් වශයෙන් මේ පර්යේෂණ ප්‍රතිපල ගැන අපට දෙවරක් සිතන්න වෙනවා. (නදී)
ඒක නම් ඇතත් තමයි මමත් නොකඩවාම ඉන්ටෙර්නෙට් යනවා. නොබලා ඉන්නම බැරි තරමටම මම පත්වෙලා ඉන්නේ. වැඩ ඇරිලා එන්නේ මේක බලාගෙන. මොකද හේතුව මේකෙන් හැමදේම දැනගන්න පුලුවන් නිසා. මේක ළඟ තියනකම් කව්රුත් ඕනෙම නැහැ. මුලු ලෝකයම අත ලඟට ගන්න පුළුවන්. දැනුම අතින් මම ඉස්සරහට ආවා මේකෙන්.(නදී)
සමීර හා සල් තමන්ගේ අත්දැකීම් ආශ්‍රයෙන් ධනාත්මක අදහස් පළ කර තිබීම "කාලාම සුත්‍රය" සිහි ගන්නනවා. (අ)
අපේ පර්යේෂණ කටයුතු වලදී හැමවිටම වගේ මුලාශ්‍ර සොයන්නේ අන්තරජාලයෙන්. මුද්‍රිත ජර්නලයන් බලන්නෙම නැති තරම්. දැනට මම වැඩ කරන විශ්ව විද්‍යාලයට සම්බන්ද වුනෙත් අන්තරජාලයේ තිබුන ඔවුන්ගේ දැන්වීම් බලලා. එඩ්වර්ඩ්, සමීර, සල් කියල තියනවා අන්තර්ජාලය යනු වටිනා අධ්‍යාපනික මාධ්‍යක් කියා.(නදී)
තමන් අන්තර්ජාලය බාවිතා කරන්නේ කුමක් අරබයාද කියල හැමෝටම අවබෝදයක් තිබිය යුතුයි.(නදී)
ලංකාවේ අපිටනම් කොච්චරවෙලා අන්තර්ජාලයේ ඉන්න දෙනවද ලංකාවේ මිනිස්සු ඇබ්බැහි වෙලා නෑ (දිල්)
දැන් මම මේක කියෙව්වෙත් අන්තර් ජලයෙන්නේ.(නදී)