අතට අත දීම අතීතයේ පටන් පැවත එන සංස්කෘතික ක්‍රියා පිළිවෙතක් වුව ද එමගින් රෝගීන් අතර රෝගාබාධ පැතිරීම වැළැක්විය නොහැකියැයි පර්යේෂකයෝ පිරිසක් කියති. ඔවුන් පවසන්නේ විශේෂයෙන් ම වෛද්‍යවරු රෝගීන්ට අතට අත දීම නවතා දැමිය යුතු බවයි.
ඇතැම් ප්‍රසිද්ධ ස්ථානවල දුම්බීම තහනම් කැර ඇති ආකාරයට ම සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් අතට අත දීමේ ක්‍රියාව නතා දැමිය යුතු බව පර්යේෂණ වාර්තාවේ සඳහන් කැර තිබේ.
අතට අත දීම ශතවර්ෂ ගණනාවක සිට ක්‍රමිකව විකාශය වෙමින් පැමිණ වර්තමානයේ හෘදයාංගම සංස්කෘතික අංගයක් බවට පත්ව ඇත.
ග්‍රීසියේ මානව කෘති අනුව පෙනෙන්නට ඇත්තේ අතට අත දීම ආරම්භ වූයේ සාමයේ ඉඟියක් ලෙසින් බවයි. එසේ වුව ද වර්තමානයේ අතට අත දීම ජාත්‍යන්තරව පිළිගන්නේ එය සුභ පැතීමේ සහ වෙන්ව යාම,ගෞරවය,මිත්‍රත්වය,සාමය, උණුසුම්ව සුබ පැතීම,හෝ විධිමත් එකඟතාවයක සංකේතයක් ලෙසයි.
මෙම පුද්ගලයන් අතර ඇති වැදගත්කමට වඩා අතට අත දීම පොදු වශයෙන් පිලිගනු ලබන්නේ වානිජ හෝ දේශපාලනික වැදගත්කමටය.
මාර්ක් ස්ක්ලන්සි නායකත්වය දරණ ඇමරිකානු වෛද්‍ය සංවිධානය සිය පර්යේෂණ වාර්තාව එළි දක්වමින් පෙන්වාදෙන්නේ මෑත අවධියේ අත් බෝවන රෝග ඉහළ දැමීමේ වාහකයෙක් ලෙස හඳුනා ගෙන ඇති බවයි. තව ද රෝහල්වල සහ අනෙකුත් සෞඛ්‍ය පහසුකම් ලබාදෙන ස්ථානවල අත්වල ස්වස්ථතාව පිලිබඳව විධිමත් නිර්දේශ පිලිබඳ ප්‍රතිපත්ති සකසා නොමැති වීම ද හානිකර බව ඔවුන්ගේ මතය වී ඇත.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයින්ගේ දෑත් තම රෝගින්ගේ රෝග බීජ මගින් අපිරිසිදු වි ඇති සහ රෝග පැතිරීම පාලනය සඳහා උත්සාහයන් ගෙන තිබියදීත් එකිනෙක අතර කලවම් වීම සිදුවන්නේ එදිනෙදා රෝගීන්ගේ සහ පරිසාරික සම්බන්ධතා හේතුවෙන් බව වාර්තාව පෙන්වා දෙයි. මෙම තත්වය සඳහා යොදාගත හැකි වෙනත් විකල්පය ලෙස වෛද්‍යවරුනට යෝජනා කර ඇත්තේ අත වනමින් තම ආචාරය සතුට සමුගැනීම ප්‍රකාශ කිරිම වඩාත් සුදුසුය යන්නයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක ඇත්තට වෙන්නන් පුලුවන්. (ස)
ඒ අතින් අපි ඉදිරියෙන් (අ)
එතකොට දැන් හැමෝම බදාගෙන කම්මුලට කම්මුල තියල හමුවෙනකොට හොඳද? (අ)
අත් දෙකෙන් වැඳලා ආචාර කිරීම නම්, බොහොම හොඳ ක්‍රමයක්. හැබැයි මවට, පියාට හැර අනෙක් අයට කොන්ද නමන්න මම නම් කැමති නැහැ. යමෙකුට දිය යුතු නිසි ගෞරවය පුදන්න ඕනෑ හදවතෙන්. (නි)
අත් දෙකෙන් වැඳලා, කොන්ද පොඩ්ඩක් නමලා ආයුබෝවන් කියන්න පුරුදු වෙමු, වැඩේ ඉවරනේ..... (නි)
වදින්න නම් බැරිය කොන්ද නමන්න නේ බැරි දැන් හැමෝටම වගේ කොන්දේ අමාරුනේ (ස)
අත් වල මෙන් කම්ම්මුල් වල විෂ බීජ තිබෙන්න විදියක් නැහැ. හේතුව කෙනෙකුගේ මුහුණ බාහිර අපිරිසිදු පරිසරය සමඟ තැවරීම අඩු වීම සහ අත් දෙක සැම විටම නොයෙකුත් තැන් ඇල්ලීම නිසා අපිරිසිදු වීමත්ය. පොදු ස්ථාන වල පඩි පේලි නඟින අත් වැල්, බස් වල එල්ලීමට ඇති ආධාරක, පොදු ස්ථාන වල දොර අගුලු, එවැනි තැන්ය. (දිල්)