IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


LTTE යට සහාය දුන් බවට ගැරී ආනන්දසංගරීට චෝදනා

එල්.ටී.ටී.ඊ සාමාජිකයකුට කැනඩාවේ පුරවැසිභාවය ලබාගැනීමට සහාය දුන්නේ යැයි ශ්‍රී ලංකා සම්භවයක් සහිත කැනඩා මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී මහතාට චෝදනා එල්ල වී ඇත.

කැනඩා මාධ්‍ය අනුව, ගැරී ආනන්දසංගරී මහතා, හිටපු එල්.ටී.ටී.ඊ සාමාජික ශ්‍රී ලාංකිකයකු වන සෙන්තුරන් සෙල්වකුමාර් නමැත්තාට කැනඩාව් පුරවැසිභාවය ලබා දීමට සහාය පළ කර ඇත. ඒ, ඒ සම්බන්ධයෙන් ලිපි දෙකක් යොමු කරමිණි.

2016 දී හා 2023 දී ගැරී ආනන්දසංගරී මහතා කැනේඩියානු දේශසීමා නියෝජිත ආයතනය වෙත අදාළ එම ලිපි යොමු කර ඇතැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඒ, ගැරී ආනන්දසංගරී මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරද්දීය.

සෙන්තුරන් සෙල්වකුමාර්, සෘජුවම එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ අයකු බැවින්, කැනඩා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් අවස්ථා කිහිපයක දී ඔහුගේ පුරවැසිභාවය ලබා දීමේ ඉල්ලුම් පත්‍ර ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

මානුෂීය කරුණු සලකා බලා සෙන්තුරන් සෙල්වකුමාර් නමැත්තාට, කැනඩාවේ නිත්‍ය පුරවැසිභාවය ලබා දීමට පියවර ගන්නා ලෙස ගැරී ආනන්දසංගරී මහතා එම ලිපි මගින් ඉල්ලා ඇත.

එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් සංවිධානයක් බැවින් ආනන්දසංගරී මහතා සිදුකර ඇත්තේ ත්‍රස්තවාදයට සහය පළ කිරීමක් බව ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවය.

අදාළ චෝදනා සම්බන්ධයෙන් කැනේඩියානු මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්දසංගරී මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ නඩුවක් විභාග වන බැවින් ඒ සම්බන්ධයෙන් කිසිවක් පැවැසිය නොහැකි බවය.

තමන් කිසිම විටෙක ත්‍රස්තවාදී සංවිධානයකට සහාය නොදක්වන බවත්, ත්‍රස්තවාදී සංවිධානයකට පක්ෂව තීරණ නොගන්නා බවත්, ආනන්දසංගරී මහතා අවධාරණය කර ඇත. 



අදහස් (5)

LTTE යට සහාය දුන් බවට ගැරී ආනන්දසංගරීට චෝදනා

පන්සිළු Thursday, 17 July 2025 02:32 PM

ඔය සේරම කොටි...

:       0       13

de silva Thursday, 17 July 2025 03:09 PM

ගැරී ආනන්ද සංගරී කොහොමත් අර ලංකාවේ මන්ත්‍රී අර්චුනා වගේ LTTE එකට සහාය දෙනවා , ඕක නොදන්නේ කවුද? කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ධුරය කොටියෙකුට බාර දෙන්න තරම් එහෙ නායකයෝ මෝඩද? අර්චුන ප්‍රසිද්ධියේ පාර්ලිමේන්තුවේ කියනවා ප්‍රභාකරන් එයාගේ නායකයා කියලා, මේවා අහගෙන අපේ පක්ෂ විපක්ෂ දේශපාලුවෝ ඉන්නවා උඩ බලාගෙන, අමු අමුවේ රටේ ව්‍යවස්ථාවට අභියෝග කරන අර්චුනට විරුධව ධෝෂභියෝගයක් ගෙනෙන්න එක්කෙක් වත් නැහැ. දැන් අපේ දේශපාලුවන්ට රට රකින්න යුද්ධයට ගිහින් දිවි පුදපු එකා නිකම්ම නිකන් හමුදා සෙබලෙක් පමණි. ඔවුන් කෙළ හලන්නේ උතුරේ ඡන්ද වලට...

:       0       20

sanath Friday, 18 July 2025 07:30 AM

සිල්වා මහතා ,කියල වැඩක් නැහැ අපේ දේශපාලුවන්ට විදේශ ශ්‍රමිකයා මතක්වෙන්නේ රටේ විදේශ මුදල් සංචිත අඩු වෙනකොට , එතකොට ඔහු රට විරුවා , එතකොට පටනගන්නවා විදේශ ශ්‍රමිකය වර්ණනා කරන්න , ඇප නැතිව බැංකු ලෝන් දෙන්නම් , කාර් පෙර්මිට් දෙනවා වැනි ,බොරු පොරොන්දු දෙන්න , නැතිනම් කරන්නේ විදේශ සේවා එකේ ගාස්තු , අර ලියාපදිංචි ගාස්තු මේ ගාස්තු කියමින් ගසා කන එක , කෙටියෙන් කියනව නම් ඩොලර් 5 මුද්‍රණ ගාස්තු වියදම් වෙන පාස්පෝර්ට් එක අපට දෙන්නේ තනි දවසට 20000 කට එක ගන්නත් පැය 10-12 රෑ තිස්සේ පෝලිමේ හිටගෙන ඉඳල දවසක් රස්තියාදු වෙන්න ඕනේ , රණ විරුවා මතක් වෙන්නේ කොහේ හරි බෝම්බයක් පිපිරුවහම , එහෙම නැතිනම් ඔහු කුලී හේවායෙක් , සිකුරිටි කරයෙක්ගේ තත්වයට දමල තිබෙන්නේ , රටට විරුධව සටන් කළ මිනීමරු ත්‍රස්තවධියත් රණ විරුවත් අද එක තලයකට ගෙනත්

:       0       2

R.T.sarath Friday, 18 July 2025 07:37 AM

ක්‍රියාන්විතයේදී අතපය අහිමිවුන රණ විරුවෙකුට හෝ ජීවිතය අහිමි වුන රණ විරු යපෙන්නෙකුට අවම වශයෙන් ත්‍රිරෝද රථයක් ගන්න පෙර්මිට් එකක් හෝ වසර දෙකක හෝ ඊට වැඩියෙන් විදේශ ගතවෙලා ඉඳල නැවත ලංකාවට එන විදේශ ශ්‍රමිකයකුට ලැබෙන අලවන්ස් එකේ වටිනාකමට තීරු බදු රහිත යතුරුපැදියක් හෝ ගන්න බලපත්‍රයක්වත් දෙනවා නම් වටිනවා ,

:       0       2

de silva Friday, 18 July 2025 07:48 AM

සාටක පාලන කාලෙත් කරුනා , පිල්ලෙයාන් වැනි හිටපු මිනීමරු ත්‍රස්ත්වාධි නායකයෝ පාර්ලිමේන්තු ගෙන එන්න , විවිධ වරප්‍රසාද දෙන්න පාලකයෝ ක්‍රියා කල , ඒවා ගැන ජනතාව සිටියේ ඉතා අප්‍රසාදයෙන් , ඔවුන් එම අප්‍රසාදය පසුව චන්ද වලදී පිටකලා , ජාත්‍යන්තර කොටි ජාලය නිදි නැහැ , ලංකාවේ ඉපිද පසුව කැනඩාවට සංක්‍රමණය වූ ගැරී ආනන්ද සංගරී , කැනඩාව වැනි බලගතු රටක මහජන ආරක්ෂක ඇමති දුරයට පත් කිරීම මගින් ඒබව පැහැදිලි වෙනවා , පසුගිය සතියෙත් උතුරේදී පොලිසියට සිවිල් වැසියන් විසින් පහරදීම දකින්නට ලැබුන, පෙරත් මෙවැනි සිදුවීම් සිදුවුණා , දැන් මේ තත්වය උග්‍ර වෙන බව පෙනෙනවා , ආණ්ඩුව මේගැන යමක් කල යුතුය , නියපොතෙන් කඩන්න තිබෙන එක පොරවන් කපන්න තත්වයට වර්ධනය වෙන්න දෙන්න එපා ,

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 447 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16907 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 665 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site