
පෘථිවියේ අටවැනි මහද්වීපය 'සීලන්ඩියා' Zealandia බවත්, නවසීලන්තය මෙම මහද්වීපයට අයත් කොටසක් බවත්, භූ විද්‍යාඥයෝ පෙන්වා දෙති.
'සීලන්ඩියා' Zealandia නමින් අටවැනි මහද්වීපයක් ඇති බව භූ විද්‍යාඥයන් ලොවට පෙන්වා දුන්නේ මීට වසර කීපයකට පෙරය.
නමුත් දැන් පැසිෆික් සාගරයේ, අඩි 3,500 ක් ගැඹුරේ ගීල ඇති මෙම මහද්වීපය සම්පූර්ණයෙන් සිතියම්ගත කිරීමට භූ විද්‍යාඥයන් සමත් වී සිටී.
මෙම මහද්වීපයට අයත් භූමියෙන් අද මුහුදින් මතුපිට ඇත්තේ නවසීලන්ත දූපත් රාජ්‍යය පමණි. 8 වැනි මහාද්වීපයෙන් සියයට 94ක් මුහුදට යටවී ඇති අතර, ඉතිරි සියයට 6 ලෙස භූ විද්‍යාඥයන් සලකන්නේ නවසීලන්තයයි.
ස්වභාවික ව්‍යසනයක් හේතුවෙන් මෙම මහද්වීපය මුහුදේ ගිලෙන්න ඇත්තේ වසර 375 කට පෙර බව භූ විද්‍යාඥයන්ගේ අදහස වී තිබේ.
මෙම 8 වැනි මහාද්වීපයේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් මිලියන 5ක් පමණ වන බවත් වාර්තා වෙයි. ඒ අනුව ‘සීලන්ඩියා’ මහද්වීපය මැඩගස්කරයට වඩා 6 ගුණයක් පමණ විශාල වන බවද සඳහන්ය.
(ටයිම්ස් ඔෆ් ඉන්දියා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර 375 කට ... !
ඔය මහාද්වීපය ගිලා බැස්සේ වසර 375කට කලින් නම් ඔය හරියේ මුහුද වැඩිය ගැඹුරු නැතුව ඇති. මොකද මහද්වීප ගිලා බහින්නේ ඉතා හෙමින් නිසා. වතුරට වැටුණු ගලක් යට යනවා වගේ මහද්වීප ගිලා බහින්නේ නැහැ...
විශිෂ්ඨයි...!
වසර මිලියන 23ට පෙර විය යුතුයි.
වසර 375 ක්? පිස්සුද?
එහෙනම් ඕස්ට්‍රේලියාවට බ්‍රිතාන්‍යයෝ එනකොටත් ඔය මහද්වීපෙ තියෙන්න ඇතිනේ...