IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


2024 ජනපතිවරණයට ඉදිරිපත් වෙනවාදැයි දැන්ම කියන්න බෑ

දෙවැනි ධුර කාලය සඳහා 2024 වසරේ පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන් සූදානම් නමුත් දැන්ම එය නිල වශයෙන් ප්‍රකාශ කළ නොහැකි බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කියයි.

‘ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න මා සූදානම්. ඒත් දැන්ම නිල වශයෙන් ඒක කියන්න බැහැ’ යැයි බයිඩන් පැවැසුවේ එන්.බී.සී. නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

ජෝ බයිඩන් නියෝජනය කරන්නේ ඩිමොක්‍රටික් පක්ෂයයි. බයිඩන් ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයාය. බයිඩන් ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වූයේ 2020 වසරේ පැවැති ජනාධිපතිවරණයෙනි. ඇමෙරිකන් ව්‍යවස්ථාවට අනුව, එක් අපේක්ෂකයකුට ධුර දෙකක් සම්පූර්ණ කළ හැකිය.

2020 වසරේ, බයිඩන් ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපති ලෙස එම ධුරයට තේරී පත්වූයේ, රිපබ්ලිකන් ජනාපධිති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කරමිනි. 80 හැවිරිදි බයිඩන් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් වුණු වයස්ගතම පුද්ගලයාය. බයිඩන්ගේ දෙවැනියා වන උප ජනාධිපති කමලා හැරිස් ද පවසා ඇත්තේ 2024 ජනාපධිතිවරණයට තමන් ඉදිරිපත් වන බවය.

(රොයිටර්)



අදහස් (0)

2024 ජනපතිවරණයට ඉදිරිපත් වෙනවාදැයි දැන්ම කියන්න බෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 265 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2107 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1609 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site