IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


2008 මුම්බායි ප‍්‍රහාරය සිනමාවට

2008 වසරේ නොවැම්බර් මාසයේ ඉන්දියාවේ මුම්බායි නුවරට කඩා වැදුණු ඉස්ලාමීය සටන්කාමීන් එල්ල කළ ප‍්‍රහාරය ඇසුරින් නිර්මාණය වූ ‘ද ඇටෑක්ස් ඔෆ් 26/11’ චිත‍්‍රපටය අද සිට (1) සිට ඉන්දියාවේ ප‍්‍රදර්ශනය ආරම්භ කෙරේ. 
ඉස්ලාමීය සටන්කාමීන් 10 දෙනකු 2008 වසරේ නොවැම්බර් 26 වැනිදා ඉන්දියාවේ මුම්බායි නුවරට පැමිණ, පැය 60 කට ආසන්න කාලයක් පුරාවට එල්ල කළ ප‍්‍රහාරවලින් 166 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මියගිය අය අතර විදේශිකයෝ ද වෙති. ප‍්‍රහාරවලින් තුවාල ලැබූවන්ගේ ගණන 300 කට වැඩිය.
ප‍්‍රහාරය එල්ල කළේ ‘ලෂ්කාර් ඊ තයිබා’ නමැති පාකිස්තානයේ කි‍්‍රයාත්මක සටන්කාමීන් බව අනාවරණය විය. ප‍්‍රහාරයෙන් පසු ඉන්දු පාකිස්තාන ඇයිහොඳයිකම් තව තවත් පළුදු විය.
එම සටන්කාමීන් 10 දෙනාගෙන් ජීව ග‍්‍රහයෙන් අල්ලා ගැනීමට හැකි වූයේ එක් සටන්කාමියකු පමණි. කසාබ් නම් වූ  ඔහු සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත් වුණු අතර ඔහුට මරණ දඬුවම නියම විය. මරණ දඬුවම ඉකුත් වසරේ නොමැම්බරයේ දී කි‍්‍රයාත්මක කෙරුණි.
නානා පටේකාර් ප‍්‍රධාන චරිත නිරූපණය කරන, සුප‍්‍රකට බොලිවුඞ් සිනමා අධ්‍යක්ෂ රාම් ගෝපල් වර්මා අධ්‍යක්ෂණයෙන් හැඬ ගැන්වූ ‘ද ඇටෑක්ස් ඔෆ් 26/11’ චිත‍්‍රපටය පේ‍්‍රක්ෂකයන්ගේත් විචාරකයන්ගේත් පැසැසුමට ලක් වනු ඇතැයි ඉන්දීය පුවත් සේවා අනුමාන කරයි.

රාම් ගෝපාල් වර්මා (වමේ) නානා පටේකාර් සමඟ

 



අදහස් (0)

2008 මුම්බායි ප‍්‍රහාරය සිනමාවට

රානි Friday, 01 March 2013 12:36 PM

හීනෙකින්වත් ආයේ දකින්න ලැබෙන්න එපා (දී)

:       0       0

සුධීර Friday, 01 March 2013 12:37 PM

කරුණාකර මෙය "ග්ලැඩියේටර්" වගේ චිත්‍රපටියක් ලෙස නිෂ්පාදනය කරන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1714 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site