IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


එ.ජා. සාම නිරීක්ෂකයන්ට සිරියාවේදී වෙඩි ප‍්‍රහාරයක්

සිරියා රජයත් කැරැලිකරුවනුත් අතර පවතින ගැටුම් නැවැත්වීමේ අරමුණින් ඉදිරිපත් කළ සාම සැලැස්ම යටතේ සටන් විරාමයක් සිදුවන්නේදැයි සොයා බැලීමට සිරියාවට ගිය එක්සත් ජාතීන්ගේ සාම නිරීක්ෂකයන් පිරිසකට පෙරේදා (18) වෙඩි ප‍්‍රහාරයක් එල්ල විය. හොම්ස් නුවරදී එල්ල වූ එම වෙඩි ප‍්‍රහාරයෙන් කිසිවකුටවත් අනතුරක් සිදු නොවිණි. සාම නිරීක්ෂකයන් පිරිස හොම්ස් නුවරට ගියේ සිරියා හමුදාවේ ආරක්ෂාව යටතේය. එම සිදුවීමෙන් පසු එක්සත් ජාතීන්ගේ සාම නිරීක්ෂකයන්ගේ ආරක්ෂාව වහා තහවුරු කරන ලෙස මහ ලේකම් බෑන් කී මූන් සිරියා රජයෙන් සහ කැරැලිකරුවන්ගෙන් ඉල්ලීමක් කර ඇත. එම සාම සැලැස්ම සියයට සියයක් සාර්ථක වීමට නම් තවත් මාස කීපයක් ගත වනු ඇතැයි ද එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වැඩිදුරටත් කියා තිබේ. තිස් දෙනකුගෙන් සමන්විත එම සාම නිරීක්ෂක කණ්ඩායම ඉකුත් සඳුදා (16) සිරියාවට පැමිණියේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සම්මත කර ගත් යෝජනාවකට අනුවය. යෝජනාව ඒකමතිකව සම්මත වූ අතර ඊට රුසියාවේත් චීනයේත් අනුමැතිය ලැබුණි. එම සාම සැලැස්ම ඉදිරිපත් කළේ එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆී අනන් සහ අරාබි ලීගය මැදිහත් වීමෙනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය කොෆී අනන්, සිරියා අර්බුදයට මැදි කළේ විශේෂ නියෝජියකු වශයෙනි.



අදහස් (0)

එ.ජා. සාම නිරීක්ෂකයන්ට සිරියාවේදී වෙඩි ප‍්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 144 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 763 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site