IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මහා භූමි කම්පාවෙන් පසු තුර්කියට දැඩි හිමපතනයක්

ප‍්‍රබල භූමිකම්පාවකට මුහුණ දුන් නැගෙනහිර තුර්කියට බලපෑ දරුණු හිම පතනයක් හේතුවෙන් දිවි ගලවා ගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වූ බවත් උන්හිටි තැන් අහිමි වූ ජනතාව  ඉන් වඩා දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇති බවත් වාර්තා වේ. භූකම්පනය සිදු වී පැය 108 කට පසුවත් නැගෙනහිර වාන් පළාතේ සිදු කළ මුදාගැනීමේ මෙහෙයුම්වලදී 12 හැවිරිදි දරුවකු සුන්බුන් අතරින් බේරා ගැනීමට  සහන සේවකයෝ සමත් වූහ. මේ වන විට පුද්ගලයින් පන්සිය විසිතුනක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර පුද්ගලයින් එක්දහස් හයසිය පනහක් තුවාල ලබා ඇති බව එරට හදිසි අනතුරු ඒකකය වාර්තා කරයි. පසු කම්පන ඇතිවේ යැයි අනතුරු හඟවා තිබුණ ද අයහපත් කාලගුණික තත්වය මත කූඩාරම්වල සිටින අවතැන්වූවන් තම නිවෙස් කරා යමින් සිටින බව ආපදා කළමනාකරණ අංශ පැවසීය.



අදහස් (0)

මහා භූමි කම්පාවෙන් පසු තුර්කියට දැඩි හිමපතනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site