ඇමෙරිකාවේ මිතුරකු වන ඕනෑම රටකට අල් කයිඩාවෙන් තර්ජනයක් එල්ල වේ නම්, එය මැඬලීමට දහස් ගණනින් ඇමෙරිකා හමුදා භටයන් නොයවා සහාය දීමට තමන් සූදානම් බව ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා පවසයි.
අල් කයිඩාව ඇමෙරිකාවේ ‘සතුරා’ වූයේ 2001 වසරේ දී ඇමෙරිකාවට කළ ප‍්‍රහාරයෙන් පසුවය. ඉන්පසු අල් කයිඩා නායක බින් ලාඩන්ට සහාය දුන් ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානය ද ඇමෙරිකාවේ සතුරෙක් විය.
ඇෆ්ගන් සංග‍්‍රාමය ආරම්භ වූයේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. ඇෆ්ගන් සංග‍්‍ර‍්‍රාමය 2014 දී අවසන් කර ඇමෙරිකා සෙබළුන් ආපසු ගෙන්්වා ගැනීමට ද ඔබාමා සූදානම් වේ.
අල් කයිඩා සාමාජිකයන් ඇමෙරිකා රජයට හිතවත් කිසියම් රටකට තර්ජනයක් වන්නේ නම් එම රටට තාක්ෂණික සහ බුද්ධි තොරතුරු ලබා දී සහාය වීමට තමන් සූදානම් බවත් මින් ඉදිරියට හමුදා නොයවන බවටත් ජනපති ඔබාමා වැඩි දුරටත් කියා සිටී.
COMMENTS
මූලධර්ම වාදීන් සහ ත්‍රස්තයන් විනාශ කරන්න. මොවුන් ලෝකයටම හිසරදයකි.(නදී)
ඒ කොහොමද ආයුබෝවන් (දී)
සී සී සී සිල්වා එහෙම කියන්න ඒපා. ඔබාමා දැන් බයයි කටිටිය ඒවන්න. ඒ යුද්දෙට එන බොහෝ ඇමරිකානුවෝ ආපසු යන්නේ ඉස්ලාමි දහම වැළද ගෙනයි. එය නොවැලැක්විය හැකි කරුණකි. ඒකයි ප්‍රශ්ණේ.(නදී)
ඔබාමා මහත්තයෝ ඔයාට ඕනම දෙයක් කරන්න අවස්ථාව තියෙනවා, නැවත ඔබ ජනාධිපති තරඟයට ඉදිරිපත් නොවෙන නිසා. (ස)
හොද වැඩක් සර්. (නි)
ඒ කොහොමද ඒ (දී)
මුතුකුඩ මලය හීනයක් දැක්කාවත්ද? මෙහෙ නම් කවුරුත් එහෙම නැහැ. නමුත් ආපසු එන සෙබළුන් ඔය මුස්ලිම් රටවල් ගැන මහා කළකිරීමන් සහ එපාවීමෙන් එන්නේ, තේරුමක් නැති අනුන්ගේ යුද්ධ වලට ඇමෙරිකාවේ ජීවිත සහ මිලියන ගණන් ඩොලර් යටකිරීම ගැන රට තුළම විරෝධයක් ඇවිත් තියෙන්නේ. (නි)
ඇමරිකන් හමුදාවක් පය ගහපු පොළවක වල් පැළෑටියක්වත් පැළ නොවේ. (නි)
මූලධර්මවාදීන් නැති කරන එකට නම් අපි ඔබතුමාට ස්තූති කරනවා. (නි)
මෙහෙ හලාල් වලින් පටන්ගත්තා ඉදිරිය කොහොම වෙයිද දන්නේ නැහැ.(නදී)
මොනවායින්ද? (නි)