කැරැලි - කරුවන් සමඟ මරණය තෙක් සටන් කිරීමට තමන් සූදානම් යැයි තවමත් ලිබියාවේ රැඳී සිටින ගඩාෆිගේ වැඩිමල් පුතු සෙයිෆ් අල් ඉස්ලාම් ඊයේ (1) ප‍්‍රතිඥාවක් දුන් අතර ගඩාෆිගේ තවත් පුතකු වන සාදී පවසා ඇත්තේ තමා යටත් වීමට සූදානම් බවය.
සාදී ගඩාෆි ඊයේ අල් ඇරේබියා රූපවාහිනී සේවයේ මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ ආරක්ෂාව ලබා දෙන බවට සහතික වන්නේ නම් යටත් වීමට සූදානම් යැයි තමා ලිබියා කැරැලිකරුවන්ට දැනුම් දුන් බවය. ලිබියා කැරැලිකාර පාර්ශ්වය ද ඒ බව තහවුරු කර තිබේ.
මේ අතර ගඩාෆිගේ වැඩිමහලූ පුතු සෙයිෆ් අල් ඉස්ලාම් පැවැසුවේ තමා තම පියාගේ උපන් ගම වන සැලකෙන සර්තේ නුවර, 25,000 ක බලඇණියක් ද සමඟ කැරැලිකරුවන්ට එරෙහි සටන් වැදීමට සූදානමින් සිටින බවය.
ගඩාෆිගෙන් පසු ලිබියාවේ පාලනය උරුම වීමට තිබුණේ සෙයිෆ් අල් ඉස්ලාම්හටය. කැරැලිකරුවන් ටි‍්‍රපොලි අගනුවර අත්පත් කරගත් අවස්ථාවේදී සෙයිෆ් අල් ඉස්ලාම් කැරැලිකරුවන් විසින් අත්අඩංගුවට ගනු ලැබූවත් පසුව ඔහු බේරී පලා ගිය බව වාර්තා විය.
1
සජිත්ගෙන් ඉරාන්ට සැර උත්තරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd