කැරැලි - කරුවන් සමඟ මරණය තෙක් සටන් කිරීමට තමන් සූදානම් යැයි තවමත් ලිබියාවේ රැඳී සිටින ගඩාෆිගේ වැඩිමල් පුතු සෙයිෆ් අල් ඉස්ලාම් ඊයේ (1) ප‍්‍රතිඥාවක් දුන් අතර ගඩාෆිගේ තවත් පුතකු වන සාදී පවසා ඇත්තේ තමා යටත් වීමට සූදානම් බවය.
සාදී ගඩාෆි ඊයේ අල් ඇරේබියා රූපවාහිනී සේවයේ මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ ආරක්ෂාව ලබා දෙන බවට සහතික වන්නේ නම් යටත් වීමට සූදානම් යැයි තමා ලිබියා කැරැලිකරුවන්ට දැනුම් දුන් බවය. ලිබියා කැරැලිකාර පාර්ශ්වය ද ඒ බව තහවුරු කර තිබේ.
මේ අතර ගඩාෆිගේ වැඩිමහලූ පුතු සෙයිෆ් අල් ඉස්ලාම් පැවැසුවේ තමා තම පියාගේ උපන් ගම වන සැලකෙන සර්තේ නුවර, 25,000 ක බලඇණියක් ද සමඟ කැරැලිකරුවන්ට එරෙහි සටන් වැදීමට සූදානමින් සිටින බවය.
ගඩාෆිගෙන් පසු ලිබියාවේ පාලනය උරුම වීමට තිබුණේ සෙයිෆ් අල් ඉස්ලාම්හටය. කැරැලිකරුවන් ටි‍්‍රපොලි අගනුවර අත්පත් කරගත් අවස්ථාවේදී සෙයිෆ් අල් ඉස්ලාම් කැරැලිකරුවන් විසින් අත්අඩංගුවට ගනු ලැබූවත් පසුව ඔහු බේරී පලා ගිය බව වාර්තා විය.
2025 නොවැම්බර් මස 17
130
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
978
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2593
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මැරෙන කල් සටන් කරනවා: ගඩාෆිගේ වැඩිමල් පුතු කියයි