IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දඟකාර වලස් පැංචාගේ කෙටි නින්ද

කළු වලස් පැටවකු සවස් කාලයේ කෙටි නින්දක් සොයමින් ඇවිදින මේ අපූරු ඡායාරූප පෙළ ඔන්ටාරියෝවල ජෝර්ජියන් බේ හිදී ඡායාරූපයට නගා ඇත.

මාස පහක් වයසැති මේ වලස් පැටවා මාපල් ගස මතට නැගී නොඉවසිලිමත්ව එහා මෙයා යන අයුරු ඡායාරූපයට නගන ලද්දේ කැනඩාවේ වනජීවී ඡායාරූප ශිල්පිනී මාගන් ලොරෙන්ස් විසිනි.

දැඩි උණුසුමක් පවතින මෙදින මවත් අනෙක් සඟයනුත් ඉක්මණින් නින්දට වැටුණත් මේ පැටියාගේ වෙනසක් දක්නට ලැබුණු බව ඇය පවසයි.

කළු වලස් පැටවකු වසර දෙකක් පමණ යනතුරු සිය මව සමග ගැවසෙයි. එම කාලයේ දී ඔවුන් ජීවත් වීමේ තීරණාත්මක උපක්‍රම, ආහාර සොයන ක්‍රම, දඩයම් කරන ක්‍රම හා තමා ආරක්ෂාවන ක්‍රම පවා ඉගෙන ගනී.

මාගන් ලොරෙන්ස් පවසන්නේ වලස් පවුලක් ඡායාරූපයට නැගීම ජීවිත අවදානමට ලක්විය හැකි අවස්ථාවක් බවයි.

‘‘අප සිතා සිටිනවාට වඩා ඔවුන් ඉතා ක්‍රියාශීලීයි. මා සිටියේ ඔවුන්ට අඩි 20ක් පමණ ඈතින්. මෙවැනි ඡායාරූප ගැනීමේ දී ඔවුන් ගසින් බහින වේලාව ගැන අවධානයෙන් සිටීමත් ඉතා වැදගත්. කිසි විටකත් මව සහ පැටවුන් අතරට මැදි වීම නොකළ යුත්තක්. එවැනි අවස්ථාවක් වුවහොත් වලස් මව ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමට අවස්ථාව වැඩියි. “

ලෝරන්ස් පවසන්නේ මේ ඡායාරූප ගැනීමට ඇයට පැය දෙකක් පමණ ගත වූ බවයි

kalu walaha (1) kalu walaha (3) kalu walaha (4) kalu walaha (5) kalu walaha (6) kalu walaha (7) kalu walaha (8)



අදහස් (0)

දඟකාර වලස් පැංචාගේ කෙටි නින්ද

සාගර Friday, 01 August 2014 09:24 AM

මාර ලස්සන ෆොටෝස් ටික. (නදී)

:       0       0

රූපවතී Thursday, 31 July 2014 06:51 PM

අනේ අනේ ..ෆොටෝටික ගන්න ගෑනු ළමය දිහා නේද ..? හොරෙන් බැලුවේ ගහ උඩට නැගල, හොරා (නදී)

:       0       0

ඩී.උපුල් Friday, 01 August 2014 05:49 AM

එක විදිහකට නිදන්න බැරි එකෙක් වගෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 72 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 872 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site