උරුලෑවන් 50 දෙනෙකු සමග එකට වාසය කරන කාන්තාවක ගැන වාර්තා වන්නේ ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයෙනි.
ඇය නමින් ඩෙබෝරා සිප්රියානිය.දැන් පනස් වැනි වියේ පසුවන ඇය තම ප්‍රථම උරුලෑවා මිලයට ගෙන තිබෙන්නේ 2000 වසරේදීය.
එදා පටන් උරුලෑවන් සමග විශේෂ බැඳීමක් ඇති කර ගැනීමට තමන් සමත් වූ බව කියන ඇය දැන් උරුලෑවන් 50 දෙනෙකුට තමන්ගේම නිවසේ ඉඩ වෙන්කර දී ඇත.
මෙම උරුලෑවන් 50 දෙනා කන්නේත් බොන්නේත් නිදාගන්නේත් ඩෙබෝරා සමගය.
උරුලෑවන් යනු අපිරිසිදු පිළිකුල් සහගත සතුන් විශේෂයක්යැයි මිනිසුන් අතර පවතින මතය තුරන් කිරීමට කටයුතු කිරීම තම අරමුණ බව ඩෙබෝරා පවසයි.උරුලෑවන් සමග මෙතුවක් කල් වාසය කර තමාට අද දක්වා කිසිදු ගැහැටක් විදීමට සිදුව නැතැයි ඇය කියයි.
උරුලෑවන් වෙනුවෙන්ම වෙන්වූ ‘‘උරුලෑ තරු උළෙලක්ද‘‘ ඇය වසරක් පාසා සංවිධානය කරයි.මෙයට ඇමරිකාවේ පමණක් නොව ලොව පුරා රටවල උරුලෑවන් සුරතලූන් ලෙස ඇති කරනා පුද්ගලයින් සහභාගී වන බව ඇය පවසයි.
මියයන තෙක්ම තමා උරුලෑවන් සමගම වාසය කරන බව ඇය කියයි.

COMMENTS
මේක මොකක්ද (අ)
උරුලෑවන් සමග ජීවත්වන කාන්තාවන් ඒ රටේ ඉන්නේ එක්කෙනාද? (නි)
ලංකාවෙ නම් උරුලෑවා ගිය පාරත් ගදයි. ඇමරිකාවේ නිසා මොවුන් ගද නැතුව ඇති (නි)
ලංකාවේ අපි ඉන්නෙත් උරුලෑවෝ වාගේ සමහර දේශපාලකයෝ සමග. මේක මොකකද්ද? (නි)
ඇයට දරුවෝ නැද්ද? (නි)
මෙයාට වඩා උරුලෑවෝ ලස්සනයි හබයි උරුලවන්ට වඩා මෙයා ලඟනම් ගද ඇති (අ)
කැලේ ඉන්න ඕනෑ සත්තුන්ව ගෙදර ගෙනැවිත් කරදර වෙන්නේ නැතුව, උපකාර අවශ්‍ය කෙනෙකු වෙනුවෙන් ඔය සල්ලි වියදම් කළා නම් කොච්චර වටිනවද? (නි)