IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


උතුරු කොරියාවෙන් දකුණු කොරියාවට චෝදනා

තම රටට ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය බෝ කළේ අසල්වැසි දකුණු කොරියාව යැයි උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් උන් චෝදනා නගයි.

කිම් ජොන් උන් මෙසේ චෝදනා නගා ඇත්තේ, උතුරු කොරියාවේ ව්‍යාප්ත වූ ‘කොවිඩ් 19’ වසංගතයේ ආරම්භය සම්බන්ධයෙන් එරට හමුදාව සිදු කළ පුළුල් විමර්ශනයකින් පසුවය.

‘කොවිඩ් 19’ වයිරසය ආරම්භ වූයේ 2019 වසර අවසානයේ චීනයෙනි. චීනය උතුරු කොරියාවේ අසල්වැසියකු පමණක් නොව, උතුරු කොරියාව සමඟ ගනුදෙනු සිදු කරන ප්‍රධාන රාජ්‍යයයි.

2020 වසරේ දී ‘කොවිඩ් 19’ වයිරසය ලොව පුරා ව්‍යාප්ත වෙද්දී, උතුරු කොරියාව චීනය සමඟත්, අසල්වැසි දකුණු කොරියාව සමඟත් දේශසීමා වසා දැමීය.

ඒ, වයිරස ව්‍යාප්තිය නවත්වා ගැනීමේ අරමුණින්ය. උතුරු කොරියාව ගත් එම ක්‍රියා මාර්ගය සාර්ථක වූ අතර මෙම 2022 අප්‍රේල් මාසය වනතුරු එරටින් ආසාදිතයන් වාර්තා වූයේ නැත.

කෙසේ නමුත් මෙම 2022 අප්‍රේල් මාසයේ උතුරු කොරියාවේ උණ වසංගතයක් පැතිර ගිය අතර ලක්ෂ ගණනක් රෝගී වූහ. මරණ ද වාර්තා විය. පසුව අනාවරණය වූයේ පැතිර යන්නේ ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරසය බවටය.

පළමුවෙන් උණ රෝගීන් වාර්තා වූයේ උතුරු කොරියාවේ ක්වංග්වොන්ග් පළාතේ කුමංග් පළාතේ නගරයකිනි. මෙම නගරය පිහිටා ඇත්තේ දකුණු කොරියා දේශසීමාවට නුදුරිනි. පළමුවෙන් රෝගී වී ඇත්තේ 18 හැවිරිදි හමුදා සොල්දාදුවකු සහ කුඩා පෙර පාසල් දරුවන් කණ්ඩායමකි.

මොවුන් රෝගී වී ඇත්තේ දකුණු කොරියාව දෙසින් දේශසීමාවට විසි කළ අපවිත්‍ර දේවලින් යැයි  උණ වසංගතයේ සුලමුල සොයද්දී, සෞඛ්‍ය බලධාරීන් අවබෝධ වී තිබේ.

දකුණු කොරියානුවන් හිතාමතා මෙම අපවිත්‍ර ද්‍රව්‍ය දේශසීමාවට ගෙනත් දමා ඇත්තේ උතුරු කොරියානුවන් රෝගී කිරීමේ අරමුණින් යැයි උතුරු කොරියානු නායක කිම් ජොන් උන් චෝදනා නගා තිබේ. මේ සම්බන්ධයෙන් දකුණු කොරියාව තමත් කිසිදු ප්‍රකාශයක් පවසා නැත.

(රොයිටර්)



අදහස් (0)

උතුරු කොරියාවෙන් දකුණු කොරියාවට චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1104 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site